Wednesday, May 31, 2023
spot_img

Latest Posts

විමල්ලා ගම්මන්පිලලා කුණුවෙලා ඉවරයි. ඔවුන් අයිති ඉතිහාසයේ කුණුගොඩට – ලාල්කාන්ත

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නියෝජනය කරන දේශපාලනඥයින් මේ වනවිට අයිති ඉතිහාසයේ කුණු බක්කියට බවත් ඔවුන්ට වත්මන් දේශපාලනය අලුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“විමල් වීරවංශ මහත්තයාටයි ගම්මන්පිල මහත්තයාටයි ඔය පක්ෂ 11 කට්ටියටයි කියන්න තියෙන්නෙ ඔයගොල්ලො හොඳටම කුණුවෙලා. ඔයගොල්ලන්ට මේක අලුත් කරන්න බෑ. තනි තනි චරිත වශයෙන් ගත්තත්, දේශපාලන සංවිධාන වශයෙන් ගත්තත් ඔයගොල්ලො ඔක්කොම ඉතිහාසයේ කුණුගොඩට එකතුවෙලා, වැටිලා ඉවරයි. ඔය කරන වැඩ දැන් නම් අලුත් වැඩ වෙන්නෙ නෑ. හැරෙනකොට මිනිස්සුන්ට දැන් තේරෙනවා”

කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවරදී පැවති ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.