*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07 , කොළඹ (LNW): පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරණ නිලධාරියෙකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනූව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීමට හැකි වන පරිදි 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

කොන්දේසී කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් වාර්තා වන්නේ , වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 වර්ෂයේ ජනවාරි මස 30 වන දින නිකුත් කර ඇති එම චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan