රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායමක් හා NPP අතර විශේෂ හමුවක් – NPP ආර්ථික ප්‍රතිපත්ති ගැන විශේෂ අවධානයට!

Date:

කොළඹ LNW: රටවල් 06 ක තානාපතිවරුන් සහ ජාතික ජනතා බලවේගයේ නායකයින් අතර හමුවක් ඊයේ (06) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබේ.

පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. ඩාර් සයිඩ්,තුර්කි ජනරජයේ තානාපති Demet Sekercioglu මහත්මිය, බංග්ලාදේශ ජනරජයේ ප්‍රධාන කොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing මහත්මිය, තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල්, Heru Prayitno මහතා, මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Bin Adam , සහ එම රටවල් නියෝජනය කරමින් මාලදිවයින් ජනරජයේ වැඩකරන තානාපතිනි ෆාතිමත් ගිනා මහත්මිය මේ රැස්වීමට සහභාගී වී ඇත.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ඊට එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟ ජාතික විධායක සභිකන් වන බිමල් රත්නායක,වෛද්‍ය නලින්ද ජයතිස්ස,වෛද්‍ය රිස්වි සාලි, මුදිත නානායක්කාර යන මහත්වරුන්ද එක් වී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාතික ජනතා බලවේගයේ නියෝජිතයින් විසින් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙහිදී දැනුවත් කර ඇති අතර රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...