පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා, හැබැයි මාධ්‍යට කියන්නේ නෑ – ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න තමන් දන්නා බවත් තමන් ඒ තොරතුරු මාධ්‍යට නොව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට හෙළිකිරීමට සූදානම් බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

“පාස්කු ප්‍රහාරය, බලන්න ගෙනිච්ච අනවශ්‍ය මානය. මේකෙ මහමොළකාරයෙක් ඉන්නවාය කිව්වා. දැන් හොයනවාද මහමොළකාරයා ? මම වගකීමෙන් කියනවා මම දන්නවා මහමොළකාරයා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නෑ. ඒක මාධ්‍යට කියනවා, රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න මහ එවුන්ටයි කියලා. මහමොළකාරයා ගැන මම දන්නවා, මහමොළකාරයාගේ පැටිකිරිය දන්නවා, මහමොළකාරයා ඇසුරු කරපු අය දන්නවා, මහමොළකාරයා හිටපු තැන දන්නවා, මහමොළකාරයා සහරාන්ලාව පුහුණු කරපු අන්දම දන්නවා, ඔහුව ගයිඩ් කරපු හැටි දන්නවා මරාගෙන මැරෙන්න. ඉතින් ඒ නම් ගම් ඔක්කොමත් එක්ක මම අදාළ බලධාරීන්ට කියනවා මිසක් මේක අප්පුහාමිටයි කරුණාවතී අම්මාටයි කියලා වැඩක් නෑනෙ … අද වෙද්දී විශාල භීතියක් නිර්මාණය වෙමින් තියෙනවා ආරක්ෂක අංශ තුළ නැගෙනහිර පළාත සම්බන්ධයෙන්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් කරුණු කියලා තිබ්බා. වර්තමාන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අයවැය විවාදයේදී ලංකාවේ ස්ථාන තුනක බරපතළ ගැටලුවක් ඇති බව අනාවරණය කරලා තිබ්බා. ඉතින් මම හිතන්නෙ මේ මොහොත නෙවෙයි අපි දන්න සමහරක් තොරතුරු මාධ්‍ය මගින් රටට කියන්න. මොකද රටේ ප්‍රධානීන්, වගකිවයුත්තන් අවධානයෙන් තබන්න ඕනෙ නිසා – අපට තවත් ප්‍රවෘත්තියක් මවන්න නෙවෙයිනෙ වුවමනාව තියෙන්නෙ – ඒ අදාළ බලධරයින් දැනුවත් කරන්න මම අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, ආරක්ෂක ලේකම්වරයා වෙන්න පුළුවන්. මොකද රට කලබල කරන්න බෑ මේ වෙලාවෙ. මොකද එකක්, දළදා ප්‍රදර්ශනයට දින දීලා තියෙනවා. විශේෂයෙන් දළදා ප්‍රදර්ශනය ඇතුළු ඒ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියන කාරණය ගැන මහානායක හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා මේ වෙලාවෙ”

ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (06) මහනුවරදී මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...