දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ (LNW):

අද (7) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී, සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ, දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බවයි.

බිමල් රත්නායක මහතා තව දුරටත් පැවසූවේ,

“අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ.  

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල ඇතුළේ ලබන මස වෙනකොට ජනතා සහභාගිත්වයත්, පෞද්ගලික අංශයත් සම්බන්ධකරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව තිබෙන දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න. ඒක අපට තිබෙන වගකීමක්. හොඳ ප්‍රවාහනයක් ඇතිකරන්න කාලයක් ගියත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එච්චර කාලයක් ගතකළ යුතු නෑ” යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...