චීන-ඇමරිකා අන්‍යෝන්‍ය ගරුත්වය දෙරට සබඳතාවන්ට වැදගත් පදනමක්- චීනය

Date:

කොළඹ LNW:14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමීව අද (07) පැවති චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට චීන විදේශ ඇමති වං යී මහතා එක්වුණා. චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශ සබඳතා පිළිබඳව වං යී මහතා එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබෙනවා.

එහිදී චීන ඇමරිකා සබඳතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වං යී මහතා පැවසුවේ අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, දෙරටේ සබඳතාවට වැදගත් පදනමක් බවයි. ගෙවුණු වසර කිහිපය තුළ තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ ඔස්සේ කිසිවක් ලැබී නොමැති අතර එය ඇමරිකාව අවබෝධ කර ගත යුතු බවයි ඔහු පැවසුවේ.

එවන් තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ මගින් ඇමරිකාව සිය වෙළඳ අතිරික්තය, නිෂ්පාදන කර්මාන්ත තරඟකාරීත්වය, උද්ධමනය හා ජන ජීවිතය ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක වෙනස්කමකම් සිදුව තිබේ දැයි සොයා බැලිය යුතු බව ද වං යී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දිනූ ෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...