ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරලා : ඇයි අපිට ඒක ගැන ප්‍රශ්න කරන්න තහනම් ද? විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 14, කොළඹ LNW:

ජනාධිපතිවරයා සභාවට පැමිණ අයවැය යෝජනා රජයේ ප්‍රතිපත්ති සම්භාරය ගැන කරුණු ඉදිරිපත් කළ පසු ඊයේ දින ලාෆ් ගෑස් මිල වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලාෆ් ගෑස් මිල වැඩි වීම නිසා ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව පාර්ලිමේන්තුවේ පවසන විට කතානායකවරයා සහ සභානායකවරයා විසින් ඒ සඳහා බාධා පැමිණවීම සිදු කරන ලදි. මේ අවස්ථාවේදී ගෑස් මිල වැඩි වීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රශ්න කිරීම සභානායකවරයා විසින් හැන්සාට් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ද කතානායකවරයාට පැවසීය.

ලාෆ් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා නොදීම ගැන මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අප්‍රසාදය පළ කරන ලදි. රටේ සහ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා නොදීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි – මිනිස් ගැටුමට උත්තර හොයන්න AI එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි...

සෞදි අරාබියේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකික සේවකයින් 40කට රු. මි. 56.4ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW: රැකියා සඳහා සෞදි අරාබියට...

විදේශ ණය සේවාකරණය සහ විදේශ සංචිත ගොඩනගා ගැනීමේ අභියෝගය

ණය සේවාකරණය කියා කියන්නේ කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය...