සටහන – රුවන් නෙළුගොල්ල
මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා වත්මන් රජය විසින් පොරොන්දු වූ ජංගම දුරකථන යෙදවුම (App) මේ වනවිට ධීවරයින් 100,000ක් විසින් භාවිතා කරන බවත් ඒ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය රුපියල් කෝටි 100ක මුදලක් වෙන්කර ඇති බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
“නවීන තාක්ෂණය ගැන කියද්දී දැන් මෙතන විපක්ෂයෙන් මතුවුණා අදහසක් ඇප් එක කොහෙද කියලා. ඇප් එක තියෙනවා. මේ රටේ මත්ස්‍යයින් සොයාගැනීමේ ඇප් එක තියෙනවා. ලක්ෂයක ප්‍රමාණයක් ධීවරයින් ඒක භාවිතයට ගන්නවා. ඒක යූස් කරනවා. මෙතන තියෙන දත්ත තොරතුරු පදනම් කරගනිමින් දින දෙකක් තුනක් වගේ කාල සීමාවක ඩේටාබේස් එකක් තමයි එතන අන්තර්ගත වෙන්නේ. ඒ නිසා ඒක වැඩිදියුණු කරන්න පහුගිය දවස්වල අපි විශේෂයෙන්ම විදේශීය සමාගම් එක්කත් සාකච්ඡා කළා. පෞද්ගලික දුරකථන ආයතන කිහිපයක් එක්කත් සාකච්ඡා කළා. අපි මේක තවදුරටත් සාර්ථකව කරගන්න තමයි මේ අවස්ථාවේ අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදලින් මිලියන 1000ක් වෙන්කරලා තියෙන්නෙ. බිලියනයක් වෙන්කරලා තියෙනවා මේක තවත් වැඩිදියුණු කරන්න. දැනට මේක භාවිතා කරනවා”
රත්න ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


