*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/07

  1. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ප්‍රකාරව, මාර්තු 19 වන දිනට පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබේ.
  2. 2022 මැයි 12 වන දින සිට පවත්වාගෙන ආ “ස්ථාවර” විදේශ විනිමය අනුපාත ප්‍රතිපත්තිය අතහැර දමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා රුපියල නැවත “පාවීමට” හැරීම මඟින් ඉදිරි සතිවලදී රුපියලේ අගය නව මට්ටම් වලින් අවප්‍රමාණය විය හැකි බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් අනතුරු අඟවයි.
  3. “ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ ශක්තිමත් සහ කල් පවත්නා ආර්ථික ප්‍රතිසාධනයක් ලබා ගැනීම” සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන වැඩසටහනට තම සහාය ලබා දෙන බව එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි – “සියලු ද්වීපාර්ශ්වික සහ පෞද්ගලික ණයහිමියන් කෙරේ තම විනිවිදභාවය සහ සාපේක්ෂ සැලකිලි ලබා දීමට ශ්‍රී ලංකාව කැපවී සිටීම” තමා අගයන බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණයවලට අදාළව “සාපේක්ෂ සැලකිල්ලක්” ලබා දීම පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති පසුබිමක මෙය පිළිගත හැක්කක් ද යන්න විශ්ලේෂකයෝ ප්‍රශ්න කර සිටිති.
  4. එක්සත් ජනපදයේ සීඅයිඒ සංයිධානයේ අධ්‍යක්ෂ විලියම් ජෝසප් බර්න්ස් ඉකුත් පෙබරවාරි 14 වන දින කොළඹට පැමිණීම පිළිබඳව රනිල්-රාජපක්ෂ ආණ්ඩුව සහ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සත්‍යය ප්‍රකාශ කළ යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිල පවසයි – සීඅයිඒ අධ්‍යක්ෂකවරයා පෙබරවාරි 14 වන දින කොළඹ සිටි බවට තමාට සියයට සියයක් විශ්වාස බව ද පවසයි – තමා වැරදි බව ඔප්පු කරන මෙන් රජය සහ ඇමරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරයි.
  5. ආසියාවේ දෙවෙනියට ඉහළම විදුලි ගාස්තු තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි – බලශක්ති අර්බුදයෙන් ගොඩයෑමට අවශ්‍ය දෙය ශ්‍රී ලංකාව විසින් සිදුකරමින් නොසිටින බව ද පෙන්වා දෙයි.
  6. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2022 ඔක්තෝබර් හි දී ඉදිරිපත් කරන ලද අංක 51/1 දරන යෝජනාවට ශ්‍රී ලංකාව නැවත වරක් තම විරෝධය පෑ බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී අරුණාතිලක පවසයි – මෙවන් යෝජනාවලින් ශ්‍රී ලාංකික ජනතාවට සෙතක් සිදු නොවන බවත්, එමඟින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කය සාක්ෂාත් නොකරන බවත් පවසයි.
  7. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කෙරෙයි – පත් කිරීම සිදුකර තිබෙන්නේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන විසිනි.
  8. ලොව විශාලතම මඟී ගුවන් යානය වන Airbus A380-800, යළි ඉන්ධන පුරවා ගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබායි – EK 449 අංක දරන ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා ගමන් කරමින් තිබිණි – එහි ගමන් කළ මඟීන් 413 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 29 දෙනා යානයෙන් බස්සවා නැත.
  9. ඉදිරියේදී අරමුදල් ලැබීම ඉහළ යාම මත, පිළිකා රෝහල් රට පුරා පුළුල් කිරීමට සහ නවීකරණය කිරීමට සැලසුම් යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පවසයි – පිළිකා රෝගීන් සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල නව රොහල් හතරක් ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බව ද පවසයි.
  10. රංගන කටයුතුවලදී තම වඩාත් ප්‍රියතම රූගත කිරීම් කළ ප්‍රදේශය වන්නේ ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී රයන් රෙනෝල්ඩ්ස් පවසයි – ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය වූ 1993 වර්ෂයේ තිරගත වූ “Ordinary Magic” හි රූගත කිරීම් සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan