මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් දෙදෙනෙකු මැඩගස්කරයේදී අත්අඩංගුවට !

Date:

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල නායකයින් වන පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

නඳුන් චින්තක නොහොත් හරක්කටා සහ සළීඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු එම පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම හරක්කටාගේ බිරිඳ වන මැලගාසි ජාතික කාන්තාවක් ද එම පිරිස අතර සිටින බව සඳහන්.

ඔවුන් පසුගිය පෙබරවාරි 12 වනදා මැඩගස්කරයේ නොසිබි ගුවන් තොටුපළට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇති අතර සුපිරි ධනවතුන් වශයෙන් පෙනී සිට ඇත.

මෙම පිරිස අත් අඩංගුවට පත්ව ඇත්තේ මාර්තු 01 වනදා ඉවාටෝ ගුවන් තොටුපළෙන් එරටින් පිටව යාමට පැමිණි අවස්ථාවේදී බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...