*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් පසු තවත් සාකච්ජා වැඩක් නැහැ.ජන්දෙට දිනයක් දෙන්න – ජී.එල් (VIDEO)

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණයට දිනයක් නියම කිරීම හැර තවදුරටත් මහාභාණ්ඩාගාරයේ ලේකම් සාකච්ජා කර එකඟත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.

ඒ, අද (07) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නොසලකා හැර කටයුතු කර ඊට අපහාස කිරීමෙන් අත්විදින්නට වෙන පලවිපාක කවුරුත් දන්නා හෙයින් මැතිවරණ කොමිසම දැන් සෙසු පාර්ශව වල සහායෙන් මැතිවරණයට දිනයක් නියම කළ යුතු වන බවයි ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ.

මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම නොකිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවත් මැතිවරණයට දිනයක් නියම කිරීමට කොමිසම බැඳී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan