සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ – චන්න ජයසුමන

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට ද එම ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

“ජී.එල් පීරිස් මහතාව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කරනවා කියන එක විහිළුවට කාරණයක්. හරිනම් වෙන්න ඕනේ සාගර කාරියවසම් මහත්තයා පක්ෂ ලේකම් ධුරයෙන් අයින්වෙන එකයි. මොකද පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව එතුමා කටයුතු කරන නිසා. පළමුව අපි නිදහස් ජනතා සභාව හැටියට අපේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායම බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කරනවා මහාචාර්ය ජී.එල්. මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතීත්වයෙන් නෙරපන්න ගත්ත මේ තීරණයට. අනිත් එක තමා සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ. විධායක සභාවට එහෙම තීරණයක් ගන්න බෑ එහෙම පොදුජන පෙරමුණේ පක්ෂ මධ්‍යම කාරක සභාව තමා එහෙම තීරණයක් ගන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේ දී. අන්තිමට සාගර කාරියවසම් ට සිද්ධ වෙන්නේ පක්ෂයයි ලේකම්කමයි දෙකම මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාට දීලා පැත්තකට වෙන්නයි. අන්තිමට සාගරට ගෙදර යන්නයි වෙන්නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...