ඉන්දුනීසියාවේ නාය යෑම් හේතුවෙන පුද්ගලයන් 15 දෙනෙකු මරුට; අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 60 ඉක්මවයි.

Date:

ඉන්දුනීසියාවේ Natuna ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 60කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය (BNPB) විසින් නිවේදනය කර තිබේ.

මේ වනවිට සන්නිවේදනය විසන්ධි වී ඇති අතර නායයෑම් ස්ථාන වලට පවතින අධික වර්ෂාව හේතුවෙන් සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇති බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය ට්විටර් හි සඳහන් කර තිබේ.

ඉන්දුනීසියාව වැසි සමයේදී නායයෑම් වලට ගොදුරු වීම නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර සමහර ස්ථානවල වනාන්තර විනාශ කිරීම නිසා තත්වය මේ වන විට උග්‍ර වී තිබේ, දේශගුණික විශ්ලේෂකයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන් වඩාත් නරක අතට හැරෙන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...