ඉන්දුනීසියාවේ නාය යෑම් හේතුවෙන පුද්ගලයන් 15 දෙනෙකු මරුට; අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 60 ඉක්මවයි.

Date:

ඉන්දුනීසියාවේ Natuna ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 60කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය (BNPB) විසින් නිවේදනය කර තිබේ.

මේ වනවිට සන්නිවේදනය විසන්ධි වී ඇති අතර නායයෑම් ස්ථාන වලට පවතින අධික වර්ෂාව හේතුවෙන් සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇති බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය ට්විටර් හි සඳහන් කර තිබේ.

ඉන්දුනීසියාව වැසි සමයේදී නායයෑම් වලට ගොදුරු වීම නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර සමහර ස්ථානවල වනාන්තර විනාශ කිරීම නිසා තත්වය මේ වන විට උග්‍ර වී තිබේ, දේශගුණික විශ්ලේෂකයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන් වඩාත් නරක අතට හැරෙන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...