*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මැතිවරණ කොමිසමට මැර තර්ජන – අද කොමිසමේ රැස්වීමේදී හෙළි වෙයි (VIDEO)

පළාත් පාලන මැතිවරණය නොපැත්වීමේ ආණ්ඩුවේ උත්සාහය තවදුරටත් අවසන් වී නැති අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ දුවාදරුවන්ට මැර තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවට ඔවුන්ගේ ප්‍රකාශ තුළින් අද (07) අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවෙන් අනතුරුවයි.

ආණ්ඩුවේ එම ක්‍රියාපිළිවෙත ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් බවයි රහුමාන් මහතා කියාසිටියේ.

මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවට අදත් මුදල් අමාත්‍යාංශ ලේකම් පැමිණ නැති අතර ලිපියක් යොමුකරමින් මඟහැර ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස මඟ හැර යන්නේ අධිකරණ නියෝගයක බව සිහිතබා ගත යුතු වන බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

” අපි හිතනවා මැතිවරණ කොමිසමට තිබෙන බලතල අනුව ඔවුන් ඉතා ඉක්මණින් දිනයක් ලබාදෙයි. මුදල් ලබාදෙන්නේ නැත්නම් නැවත එය අපිට අධිකරණයෙන් විසඳගන්න වෙනවා. ඒ වගේම මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව විශාල බලවේගයක් ලෙස සියලු විරුද්ධ පක්ෂ එකතු වී ආණ්ඩුවට එරෙහිව ලොකු බලවේගයක් ගොඩනගන්න වෙනවා මේ ජන්දය ලබාගැනීම සඳහා. ආණ්ඩුවේ උප්පරවැට්ටි නතර කරලා නැහැ. කොමිසමට තර්ජනය කරනවා. ඔවුන්ගේ දුවාදරුවන්ට තර්ජනය කරනවා කියල අද ඔවුන්ගේ ප්‍රකාශ වලින් හෙළිදරව් වුණා. මැතිවරණ සිතියම අකුලන්න තවදුරටත් වික්‍රමසිංහ,රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.” යනුවෙන් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan