ජනපති රනිල්ගෙන් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට විශේෂ ස්තූතියක් !

රට ස්ථාවර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂයෙන්ම ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මම එකක් කියන්න ඕනෙ. ජුලි 09 වෙනිදා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්වය තියෙන්නෙ නෑ. දැන් ඩොලර් මිලත් බහිනවා. එදා විශේෂයෙන්ම විශාල හිඩැසක් ඇතිවුණා. කාගේවත් සහයෝගයක් තිබුණෙ නෑ. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවටයි පොලීසියටයි ස්තූතිවන්ත වෙනවා. එතුමන්ලා ගත්ත ඒ පියවර නිසා අද අපට තෙල් තියෙනවා, අද අපට ඉන්ධන තියෙනවා, අද අපට විදුලි බලය තියෙනවා, වැඩිකල් යන්න ඉස්සරවෙලා ඩොලර් තියෙනවා. ඒ නිසා ඒ බලවේගවලට අපි මේවා කඩන්න ඉඩදෙන්නෙ නෑ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...