”රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නමු,ක්‍රම වෙනසක් සදහා පෙළ ගැසෙමු” නමින් IUSF උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද!

Date:

”රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නමු,ක්‍රම වෙනසක් සදහා පෙළ ගැසෙමු” යන තේමාවන් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය මෙහෙයවීමෙන් අද(07) කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ පා ගමනක් පැවැත්විණි.

පොලීසිය විසින් එම පා ගමනට කොළඹ විශ්ව විද්‍යලය අසලදී ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට උත්සහ ගන්නා ආකාරය දක්නට ලැබුණි.

මෙම උද්ඝෝෂණය අද දහවල් කොලඹ කොටුව දුම්රිය පොල අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

පොලීසිය විසින් මෙම උද්ඝෝෂණ පාගමන වැලැක්වීම සදහා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණ අතර මේ හේතුවෙන් උද්ඝෝෂණ පා ගමන ආරම්භ වූයේ ලිප්ටන් වටරවුම අසලිනි.

ලිප්ටන් වටරවුමෙන් ආරම්භ වූ පාගමන කොළඹ විශ්ව විද්‍යලය අසලට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග උද්ඝෝෂකයින් කොලඹ විශ්ව විද්‍යාල භූමියට ඇතුලු විය.

එහිදීද පොලීසිය හා උද්ඝෝෂකයින් අතර වරින් වර උණුසුම් තත්ත්වයන් ඇතිවිය.

මෙහිදී පොලීසිය කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී උද්ඝෝෂකයින්ට පහරදීමට යාමේදී ඔවුන් විසින් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරන අයුරුද දක්නට ලැබුණි.

සියලුම ඡායාරූප නරඹන්න!


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...