මේ දුර්දාන්ත ආණ්ඩුව පන්නන්න 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට එන්න – සජිත් (VIDEO)

Date:

සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙලක් තුලින් රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ලෝකය සමග ප්‍රශස්ත ලෙස ගනුදෙනු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයකට රාජතාන්ත්‍රික මට්ටමින් රටවල් ආධාර කොට නැති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , සමගි ජන බලවේගය එය වෙනස් කළ බවද සඳහන් කළේය. අනාගත රට ගොඩනැගීම වෙනුවෙන් ක්‍රමවත් විධිමත් සැලැස්මක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකවරයා දූෂණයෙන් වංචාවෙන් සහ අල්ලසෙන් පිරුණු වර්තමාන ආණ්ඩුවට මේ රට ගොඩනැඟිය නොහැකි බව සහතික යැයි ද ප්‍රකාශ කළේය.

මේ රටේ මහජන මුදල් කොල්ල කන ලද ඩොලර් සංචිත ඇති බව පැවසූ ඒ මහතා ඒවා නැවත ලබා ගැනීම වහාම කළ යුතු යැයි ද අවධාරණය කළේය.

වර්තමාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම ජනතාව ඇන්දවීම සහ තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම උදෙසා මාර්තු 15 වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ලෙස ද ලෙස ආරාධනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (06) මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරතුරදී ය.

ඊයේ පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණි විපක්ෂ නායකවරයා ගරුතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...