*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

අපරාජිත හැව්ලොක්ස් කණ්ඩායමෙන් සීආර් ට එරෙහිව දැවන්ත ජයක්

ජාතික රග්බි ලිග් සූරතාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින හැව්ලොක්ස් ක්‍රීඩකයෝ,ලොන්ඩන් පෙදෙසේ සිආර්ඇන්ඩ් එෆ්සී නිවසටම පැමිණ එල්ල කරන ලද ප්‍රහාරය නිමා කරන ලද්දේ ලකුණු 53 – 3 ක අති විශාල ජයග්‍රහණයකින්ය.ඊට අමතරව රීඩ් මාවත තුරග තරඟ පිටියේදී සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩකයෝ ඉකුත් සතියේ නාවික හමුදාව පරාජය කරමින් සිටි ඉහළ මානසිකත්වයෙන් පහතට ඇඳ දමමින් ලකුණු 22 – 15 ක ජයක් වාර්තා කළහ.හැව්ලොක් පිටියේ දී යුද හමුදාව හමු වූ නාවික හමුදාව ඉකුත් සතියේ එල්ල වූ ගුවන් හමුදා ප්‍රහාරයේ අමිහිර යළිත් පාබල හමුදාව වෙතින්ද හිමි කර ගත්තේ ලකුණු 13 – 18 ක් ලෙස පරාජය වැළඳ ගනිමින්ය.හැව්ලොක්ස් කණ්ඩායම මෙන්ම සිය අපරාජිත බව රැකගෙන සිටින මහනුවර ක්‍රීඩකයෝ ද මේ සතියේද සිය අපරාජිත වාර්තාව රැක ගන්නට සමත් වූහ.නමුත් තරගයේ දෙවන භාගයේදී එල්ල වූ අභියෝගය නිසා මහනුවර කණ්ඩායමට ලකුණු 36 – 23 ක් වූ ජයග්‍රහණය පහසු වූයේ නැත.
හැව්ලොක්ස් සහ සීආර් තරගයේදී ලකුණු යන්ත්‍රය ක්‍රියාත්ම කිරීම ආරම්භ කරමින් සීආර් කණ්ඩායමේ යසස් කවිඳූ මුතුතනත්‍රිගේ දඬුවම් පහරකින් ලකුණු 3 ක් ලබා ගත්තද ඉන් අනතුරුව කිසිඳු ලකුණක් කරා යන්නට ඔවුන්ට හැව්ලෝක්ස් ක්‍රීඩකයෝ ඉඩ නොඳුන්හ.සීආර් ආරක්ෂක පෙළ බිඳ දමමින් කඩා වැදි හැව්ලොක්ස් ක්‍රීඩකයෝ උත්සාහක දිණුම් අටකට හිමිකම් කීහ.එයින් පහකම ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට සමත් වූ අතර එක් දඩුවම් පහරකින් හිමි වූ ලකුණු 3 ක් ද හැව්ලොක්ස් ලකුණු පූවරුවේ එකතුවට එකතු වී තිබිණ.

හැව්ලොක්ස් උත්සාහක දිණුම් අටෙන් දෙකකම හිමිකාරීත්වය රන්දිත වර්ණපුර සතු විය.අදාන් නූර්,අශෙල් රණසිංහ,උමේෂ් මධුශාන්,ක්‍රිස්ටියන් ද ලිලේ,රමේෂ් ප්‍රනාන්දු සහ රසිඳූ කරුණාතිලක සෙසු උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.ප්‍රවර්ථන පහක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක එල්ලයක් සහිතව ගෝල කණු අතරින් යොමු කරමින් හැව්ලොක් කණ්ඩායමට ලකුණු 13 ක් රැස් කර දුන්නේ සංදේශ් ජයවික්‍රමය.

තරගාවලියේ පෙරට පැමිණෙමින් සිටින කණ්ඩායම් දෙකක් හැටියට හැඳින්විය හැකි සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර තරගයේදී තරගයේ මුල් භාගයේ ජයග්‍රහණයේ මාවතේ පෙරමුණ ගෙන සිටි ගුවන් හමුදාව අනපේක්ෂිත ප්‍රහාරයකින් පරාජයට තල්ලු කර දමන්නට සීඑච් ක්‍රීඩකයෝ කටයුතු කළහ.තරගයේ මුල් භාගය නිමා වූයේ ගුවන් හමුදාව 12 – 5 ක් ලෙස සීඑච් කණ්ඩායම අභිබවා තිබියදී ය.

නමුත් දෙවන අර්ධයේ දී සීඑච් කණ්ඩායම ලකුණු 17 ක් සිය ලකුණු අතරට එක් කර ගනිද්දී අනපේක්ෂිත ආකාරයට පසු බෑ ගුවන් හමුදා ක්‍රීඩකයින් රැස් කරේ එක් දඩුවම් පහරකින් හිමි වූ ලකුණු 3 ක් පමණි.අශාන් ඩාර්ලින්ග්,ඔමල්ක ගුණරත්න සහ හිරන්ත පෙරේරා සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් වාර්තා කළහ.එයින් දෙකක ප්‍රවර්ථන සාර්ථක කළ රෝහිත රාජපක්ෂ තවත් දඩුවම් පහරකට ද නිවැරදි ඉලක්කය ලබා දෙමින් සීඑච් පිළට ලකුණු හතක් එක් කර දුන්නේය.

ගුවන් හමුදා ලකුණු පූවරුවේ උථ්සාහක දිණුම් දෙකක් සටහන් විය.එම අවස්ථා දෙකේම සාර්ථක වූ ගුවන් හමුදා ක්‍රීඩකයා වූයේ තරිඳු දාබරේ ය.ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සහ දඬුවම් පහරක්ද සාර්ථකව එල්ලයට යොමු කළ ගයන්ත ඉද්දමල්ගොඩ ද ලකුණු 5 ක් ගුවන් හමුදා ලකුණු පූවරුවට එකතු කර දුන්නේය.

නාවික හමුදාවේ සහ යුද හමුදාවේ ගැටුම පළමු අර්ධයේ දී ඉතා තියුණු එකක් බවට පත් විය.ලකුණු පූවරුව සටහන්ව තිබුණේ 6 – 6 ක් ලෙස ය.දෙවන අර්ධයේ දී ද ගැටුම සුළු නොවිණ.දෙවන අර්ධයේදී යුද හමුදාව ලකුණු 12 ක් ලබා ගනිද්දී නාවිකයන්ට රැස් කර ගන්නට හැකි වුණේ ලකුණු 7 ක් පමණි.

යුද හමුදාව වෙනුවෙන් කළණ දේවපිය සහ ධනුෂ්ක තල්වත්ත උත්සාහක දිණුම් වාර්තා කෙරුවෝය.ඉන් එකක් සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට ඉසුරු මැදගෙදරට හැකි විය.දඬුවම් පහර දෙකක් සාර්ථකව එල්ල කළ තරිඳු මධුෂාන් ද යුද හමුදාව වෙනුවෙන් ලකුණු රැස් කරන්නට දායක විය.

නාවික හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම සජිත් සාරංග වාර්තා කළ අතර සෙසු ලකුණු ප්‍රමාණය නාවිකයන්ට ලබා දුන්නේ තිළිණ වීරසිංහ ය.ඒ උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සමඟින් සහ දඬුවම් පහර දෙකකින් ය.

මහනුවර – පොලිස් තරගයේ පළමු අර්ධය පොලීසිය අන්ද මන්ද කරමින් ලකුණු 24 – 6 ක් ලෙස නිමා කරන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.නමුත් දෙවන අර්ධයේදී පොලිස් ක්‍රීඩකයෝ කරට කර සටනකට පිවිසෙමින් සිය ලකුණු සටහනට තවත් ලකුණු 17 ක් එක්කර ගත්තේ මහනුවර කණ්ඩායම ලකුණු 12 ක් ලබා ගනිද්දීය.සමස්ත ලකුණු සටහන 36 – 23 ක් වූ මෙම තරඟයේ දී මහනුවර කණ්ඩායමට ලකුණු 36 පැමිණියේ උත්සාහක දිණුම් පහකින්,ඉන් හතරක් සාර්ථක ප්‍රවර්ථන බවට පත්වීමෙන් සහ එක් දඩුවම් පහරකින්ය.ප්‍රවර්ථන හතර සහ දඬුවම් පහර සාර්ථක එල්ලයට යොමු කළේ තරින්ද රත්වත්තය.උත්සාහක දිණුම් පහෙන් දෙකක්ම වාර්තා කරන්නට දිලුක්ෂ දන්ගේ සමත් විය.සනුෂ්ක අබේවික්‍රම,දමිත දිසානායක සහ චතුර සොයිසා ඉතිරි උත්සාහක දිණුම් තුනේ හිමිකරුවෝ වූහ.

පොලිස් කණ්ඩායම වාර්තා කළ ලකුණු 23 ට උත්සාහක දිණුම් තුනක් එකතු වි තිබිණි.නිසල් සමාධි,අධීශ රශ්මික සහ ධනුෂ්ක එදිරිසූරිය එම උත්සාහක දිණුම්වල ගෞරවය බෙදා ගත්හ.යොහාන් පීරිස් එම එක උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථකව නිමා කළ අතර ඔහු පොලිසිය දඩුවම් පහර දෙකකින් ද පෝෂණය කරන්නට සමත් විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan