ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම

Date:

පොල් හා ඒ ආශ්‍රිත නිශ්පාදන අපනයනය කිරීමෙන් පසුගිය වසරේ දී රුපියල් කෝටි 17,000 ක ආදායමක් උපයාගෙන තිබේ . මෙරට පොල් ආශ්‍රිත නිශ්පාදන සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බැවින් මේ ආදායම වාර්ෂිකව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

මෙරට වාර්ෂික පොල් ගෙඩි බිලියන 03ක් නිශ්පාදනය කෙරෙන අතර ඉන් බිලියන 02ක් දේශීය පරිභෝජනය සඳහා භාවිතා වන අතර ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක මුදලක් මෙරට වැවිලි කර්මාන්ත ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස පසුගිය වසරේ උපයාගෙන ඇත.

එමෙන්ම ” ගෙදරට පොල් ගෙවත්තෙන් ” යන සංකල්පය යටතේ මෙරට සෑම නිවසකටම පොල් පැල 02 ක් දීමේ වැඩසටහන රජය ආරම්භ කර තිබේ. රජය හා තෝරා ගත් පෞද්ගලික වතු වල දෙමුහුන් බීජ නිශ්පාදනයට පියවර ගෙන ඇති බවත් , අඩු උසකින් යුතු ඉතාමත් ඉක්මනින් වැඩි ඵලදාවක් ගත හැකි දෙමුහුන් පැළ මිලියන 02 ක් 2023 වසර වන විට මෙරට නිශ්පාදනය කිරීමත් රජය තීරණය කර ඇත.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකීය ජනතාව පොල් පරිභෝජනයට හුරුවී සිටියි. පොල් පරිභෝජනය ගම්බද, නාගරික භේදයකින් තොරව සියලු ජනයාගේ එදිනෙදා ආහාර වේලට අත්‍යාවශ්‍ය ආහාරයකි. සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙකු පොල් ගෙඩි 120 ක් පමණ පරිභෝජනය කරයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව අරඹන මෙම විශේෂ ගෙවතු වගා සංවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ සෑම ගෙවත්තකම පොල් පැළයක් හෝ කිහිපයක් සිටුවා තම නිවසට අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම සපයාගැනීමයි. ඒ තුළින් වතු ක්ෂේත්‍රයෙන් ලැබෙන පොල්, කර්මාන්ත සඳහා යොදා ගත හැකිවේ.

වැඩිම අපනයනය ආදායම ඉපයීමට හැකි වූ පොල් ඵලදාව සමඟ ශ්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙනයාමට හැකිවීම අප ලද මහත් භාග්‍යයකි .

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.03.07

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...