චීනයට ගිය අපේ ලක්සල

Date:

මෙරට දේශීය නිපැයුම් ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ එහි පවතින අන්න්‍යතාවය නිසාය. විශේෂයෙන් මෙරට රෙදිපිළි නිර්මාණය වී ඇත්තේ බතික් කලාවේ සුවිශේෂී බව නිසාය.

ඒ අනුව මෙරට ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් “ලක්සල” මගින් චීනයට අපනයනය කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබෙයි.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා වන සුවිශේෂී වැඩපිළිවෙළකට එළඹීය.

ඒ හා සමගාමීව හයවන වරලත් අළෙවි නියෝජිත ආයතනය චීනයේ

” සීජියෑන් “හි ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් පසුගිය දින ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා “සීජියෑන් බොස්වින් ( Zhejiang Boswin Technology Private Limited ) ආයතන අතර ගිවිසුම රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අත්සන් තැබීය.

මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ආයතනය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් “ලක්සල” සන්නාමය චීනය තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලක්මල් වික්‍රාමාරච්චි මහතා ඇතුළු ලක්සල අධ්‍යක්ෂ මණ්ඩලය,සීජියෑන් බොස්වින් සමාගමේ සභාපති ප්‍රසාද් විදානගේ මහතා හා චීන ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිතුමිය, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය.

Sponsored Article
ඇත්ත – Facebook

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...