අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)

Date:

ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්‍රකාශ නිසා බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය මහා මෝඩ ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නම් ඉදිරියේදී ඉන්ධන හිඟය 100%කින් අවසන් කර පෙන්වන ලෙස ඒ මහතා අග්‍රාමාත්‍යවරයාට අභියෝගයක් ද එල්ල කළේය.

ප්‍රශ්නය – අගමැතිතුමා කියලා තිබුණා යම් පිරිසක් ඉන්ධන හිඟයක් ඇතිවෙනවා කියලා ව්‍යාජ පුවත් පළකරපු නිසා තමයි මේ තත්වය උද්ගත වුණේ කියලා ?

“අගමැතිතුමා කිව්වත් කවුරු කිව්වත් ඒක මහා මෝඩ ප්‍රකාශයක්. මට කණගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා. මොකද, ඉන්ධන හිඟයක් ඇතිවෙන්නෙ ඉන්ධන දවස් දෙකකින් තුනකින් නෑ කියපු නිසා නෙවෙයි. එහෙම නම් දැන් ඉදිරියේදී ඉන්ධන හිඟය 100% නැතිකරලා පෙන්නන්නකෝ ඔය කියන විදියට ! ඒ කියන්නෙ ඉන්ධන ලංකාවට ඇනවුම් කරන්න LC ඕපන් කරන්න බැරිනම් බැංකුවලට, කොහොමද ඉන්ධන ලංකාවට එන්නෙ ? ගෑස් ඇනවුම් කරන්න LC ඕපන් කරන්න බැරිනම් කොහොමද ලංකාවට ගෑස් එන්නෙ ? මෙතන තියෙන්නෙ මේ ඩොලර් අර්බුදය, විදේශ විනිමය අර්බුදය. ඒක නෑ කියලා කියාගෙන කවුරුහරි ශෝක් එකේ රෑට නිදාගන්න හිතාගෙන ඉන්නවා නම් පහුවෙනිදා පාන්දර ආයෙ ඔළුවට ලොකු පොල්ලකින් පහරකෑමට ලක්වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත තත්වෙ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ නඩු විභාගයක් සඳහා අද (07) අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි මෙම ප්‍රහාරාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවෙහි ද පළ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය තුළ අනභිභවනීය නායකත්වය වශයෙන්, හදවතේ නායකයා වශයෙන් හඳුන්වන මහින්ද රාජපක්ෂ මහතාට මෙසේ එළිපිට පහර ගැසීමට සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු උත්සාහයක් හෝ දරන්නේ නැත. පොහොට්ටු කඳවුර තුළ අසීමිත ආදරයට, ගෞරවයට පාත්‍රවන මහින්ද රාජපක්ෂ මහතාව මෙසේ ප්‍රසිද්ධියේ ම මෝඩයෙකු වශයෙන් හැඳින්වීමට හෝ අහවල් දෙයක් කර පෙන්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට හෝ සාමාන්‍යයෙන් එම කඳවුරේ කිසිදු මන්ත්‍රීවරයෙකු සිතන්නේවත් නැත. ඒ අනුව විමල් වීරවංශ මහතා මේ මොහොතේ ඉතාම ආවේගශීලී ලෙස “ලොකුවටම වැට පැන” ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වාදෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...