*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියෙන් ලෝක බැංකුව අයින් වෙයි ද?

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ, සෙත්සිරිපාය දෙවන අදියරේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය මඟින් ක්‍රීඩා පිටිවලට උපකරණ සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවූ අතර, අදාළ ටෙන්ඩරය ඉකුත් 2021 දෙසැම්බර් 01 වන දින විවෘත කර තිබේ.

මෙම ටෙන්ඩරයට අදාළව ක්‍රීඩා භාණ්ඩ සැපයීම සඳහා ලංසු කැඳවා තිබෙන්නේ එම්/ස්ටාර් එක්විප්මන්ට්, ඉසුරු ඉන්ජිනියරිං, ලලන්ස් ඉන්ජිනියර්ස්, හැපි මාර්ට්, ඒඑෆ් ස්පෝර්ට්ස්, කෙයාර් ටෙක්නොලොජි සහ ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ් යන සමාගම් 07න් ය.

මෙම ටෙන්ඩරය සඳහා කැඳවා ඇති අඩුම ලංසුව සියයට 10 ක ලංසු සහතිකයක් ද සමඟ රුපියල් දෙකෝටි තිස් නව ලක්ෂ අනූ එක් දහස් පන්සියයක් (රු. 23,991,500.00) වන අතර, අප වෙත වාර්තා වන අන්දමට අදාළ ටෙන්ඩරය ලබා දී තිබෙන්නේ ඊට වඩා වටිනාකමින් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ය.

ඒ අනුව,
– රු. 61,112,016.00 ක ලංසුවක් ඉදිරිපත් කළ ඉසුරු ඉන්ජිනියරිං,
– රු. 24,346,600.00 ක ලංසුවක් ඉදිරිපත් කළ ලලන්ස් ඉන්ජිනියර්ස්,
– රු. 39,614,400.00 ක ලංසුවක් ඉදිරිපත් කළ හැපි මාර්ට්,
– රු. 27,468,000.00 ක ලංසුවක් ඉදිරිපත් කළ ඒඑෆ් ස්පෝර්ට්ස්,
– ලංසු මිළ සඳහන් නොකළ එම්/ස්ටාර් එක්විප්මන්ට්,
– රු. 34,370,000.00 ක ලංසුවක් ඉදිරිපත් කළ කෙයාර් ටෙක්නොලොජි සහ
– රු. 23,929,500.00 ක අවම ලංසු මුදලක් ඉදිරිපත් කළ ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ්ස්

අතුරින් ටෙන්ඩරය භාර දී තිබෙන්නේ රු. 34,370,000.00 ක ලංසුවක් ඉදිරිපත් කළ කෙයාර් ටෙක්නොලොජි නම් සමාගමට ය.

පැමිණිල්ලක්?

ඉහත සඳහන් කළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතේ වන අතර, මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදුව ඇති මෙම අපහැදිලි ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව මුල් ළමාවිය සංවර්ධනයට අදාළ ලෝක බැංකු ව්‍යාපෘතියට ලිපියක් ඉදිරිපත් කිරීමට ඉහත කී අවම ලංසුව ඉදිරිපත් කළ ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ්ස් නම් සමාගම කටයුතු කර තිබේ.

ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ්ස් සමාගම 1985 වර්ෂයේදී ආරම්භ කළ අදාළ සේවාවන් සම්බන්ධයෙන් ISO 9001-2015 සහතිකය ලැබි ශ්‍රී ලංකාවේ එකම සමාගම වීම විශේෂත්වයකි. එමෙන්ම, මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙල සඳහා 2016 වර්ෂයේදී මධ්‍යස්ථාන 104ක් සඳහා ක්‍රීඩා උපකරණ සැපයීමට ද, 2017 – 2018 කාලය තුළ ම්‍යස්ථාන 170 කට උපකරණ ලබා දීමට ද, 2019 වර්ෂයේදී මධ්‍යස්ථාන 119 කට උපකරණ ලබා දීමට ද මෙම සමාගම කටයුතු කර තිබේ. තව ද, UNICEF, UN Habited, World vision, Save the Children ආදී දරුවන්ගේ සංවර්ධනය සඳහා අතහිත දෙන ජගත් සංවිධාන වෙත ව්‍යාපෘති වලදී උපකරණ ලබා දෙන නිත්‍ය පාර්ශවකරුවකු වශයෙන් ද මෙම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, වසර 10 කට ආසන්න කාලයක් පුරාවට මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘති කටයුතු ආශ්‍රිතව දේශීය මෙන්ම විදේශීය සංවිධාන සමඟ එක්ව කටයුතු කර ඇති ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ්ස් සමාගම මෙහිදී බැහැර කොට අදාළ ටෙන්ඩරය කෙයාර් ටෙක්නොලොජි නම් සමාගමට පළමු වරට ලබා දී තිබේ. මීට හේතුව කුමක්ද යන්න පිරික්සා බලන විට අමාත්‍යංශයට සමීප ආරංචිමාර්ග පවසා තිබෙන්නේ මෙම ව්‍යාපෘතියට අදාළ තක්සේරු කළ අයවැයට සාපේක්ෂව අදාළ සමාගමේ ලංසුව සියයට 30 පමණ අඩු නිසා එය කපා හැර වෙනත් සමාගමකට ලබා දී ඇති බවයි.

කෙසේවෙතත්, ලෝක බැංකු ව්‍යාපෘතියේ නිත්‍ය සේවා සපයන්නකු වශයෙන් ලලන්ස් ස්පෝර්ට්ස් ගුඩ්ස් සමාගම ගොඩනඟාගෙන ඇති විශ්වාසය හමුවේ මේ පිළිබඳව කාරුණිකව පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා අදාළ සමාගම ලෝක බැංකු ව්‍යාපෘතියට ලිපියක් යොමුකර තිබේ. මෙම මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව කිසිදා කඩ නොවූ විශ්වාසයක් ද සහිතව, රටේ සංවර්ධනයට සහ යහපැවැත්මට දිගු කාලයක් මුළුල්ලේ දායක වූ සමාගමක් වශයෙන් තම ටෙන්ඩරය ප්‍රතික්ෂේප වීමට හේතුව මෙම ලිපිය හරහා විමසා තිබේ.

හදවතින්ම ශ්‍රී ලාංකික ටෙන්ඩර් ක්‍රියාපටිපාටි!

ආයතනයක ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය (procurement policy) යනුවෙන් හැඳින්වෙන්නේ යම් ව්‍යාපෘතියකට අදාළව භාණ්ඩ හෝ සේවා ලබා ගැනීම සඳහා බාහිර පාර්ශවයන් සම්බන්ධ කරගැනීමේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් මඟහරවා ගැනීම සඳහා අයවැයකට යටත් වූ මුදල් කාණ්ඩ කොට ඒ ඒ අයවැය ප්‍රමාණයට අනුව ස්ථිර සේවා සපයන්නන් සංඛ්‍යාවක් ව්‍යවස්ථාපිත කොට ඊට අනුකූලව ලංසු කැඳවීමට කටයුතු කිරීම යි. රිසි සේ මුදල් හැසිරවීම හා එමඟින් අයථා පරිහරණයන් සිදුවීම වළක්වා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුළ අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී ඊට අදාළව කමිටු පත් කිරීම, එම කමිටු වාර්තා විශ්ලේෂණය කිරීම, කමිටු නිර්දේශ හරහා අදාළ ලංසු කැඳවීම් සිදුකිරීම හා විගණනයන් වලදී එම වාර්තා සියල්ල ඉදිරිපත් කිරීම ප්‍රසම්පාදනයේ ස්වභාවයයි.  

ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී, අයවැය අනුව ප්‍රසම්පාදනය සඳහා කමිටුවක් (procurement committee) පත්කොට ඒ කමිටුව හරහා තාක්ෂණ කමිටුවක් ද (technical committee) පත්කොට යම් භාණ්ඩ හෝ සේවා ලබා ගැනීම සඳහා ලංසු (bids) කැඳවීමට තෝරාගන්නා සමාගම් වල මිලදර්ශකයන් (quotations) සසඳා තාක්ෂණික කමිටුව හරහා වඩාත් සුදුසු සේවාසපයන්නා පුරෝකථනය කර විධිමත් සාධාරනීකරණයක් යටතේ එක් සමාගමක් තෝරා ගැනීම රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුව සිදුවිය යුතු දෙයයි. මෙම සාධාරනීකරණ ක්‍රියාවලිය තුළ තෝරාගත් සේවාසපයන සමාගම සුවිශේෂී වීමට හේතුව, එහි කීර්තිනාමය, ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා එහි පවතින නම්‍යශීලීතාවය, එකී සමාගම මේ හා සමාන ව්‍යාපෘති සඳහා මීට ඉහත සේවාවන් ලබා දී තිබේද, මිළදර්ශකය අයවැය සමඟ සමපාත වේ ද, කාර්‍යක්ෂමතාව සහ සඵලතාව ආදිය පිළිබඳව විස්තර ඇතුළත් විය යුතුය. එමෙන්ම, මෙම සාධාරනීකරණ ක්‍රියාවලිය අදාළ ව්‍යාපෘතියට අරමුදල් සපයන්නා (funder / donor) සෑහීමකට පත්වන්නක් ද විය යුතුය. එපමණක් නොව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ යම් අන්දමක හෝ අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට විගණනයකදී හෙලිවූවහොත්, එවන් ආයතන වලට මතුවට අරමුදල් අවස්ථා අහිමි වනවා පමණක් නොව තම ආයතනය අසාධුලේඛනය වීමට පවා ඉඩ තිබේ.

එහෙත් සැබවින්ම සිදුවන්නේ එයම ද? තමාට අවශ්‍ය සමාගම පළමුව තෝරාගෙන, එකී කමිටු සඳහා ද තමාට වාසිදායක නිලධාරීන් පත්කොට [ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය උල්ලංඝනය නොකිරීමට ප්‍රවේශම් වෙමින්] ඊට ගැළපෙන පරිදි ඉතිරි සමාගම් ද තෝරාගෙන සාධාරණීකරණය කිරීම හරහා අදාළ සමාගම තෝරාගත් ලංසුව වශයෙන් නම් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කිසිවකු නොපවසන හා හෙළිදරව් කර ගැනීමට ද නොහැකි වන යතාර්ථයයි. සරලව කිවහොත් – යම් ව්‍යාපෘතියක් දියත් කිරීමේදී භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට බාහිර පාර්ශවයන් සම්බන්ධ කර ගන්නේ නම්, ඒ සඳහා සම්බන්ධ කර ගත යුතු පාර්ශවය කුමක්ද යන්න මුල සිටම තීරණය කර අවසන් ය. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ද මෙම උපක්‍රමය ඉතා හොඳින් ප්‍රගුණ කළවුන් ය.

ටෙන්ඩර් කැඳවීම යනුවෙන් අප හඳුන්වන මෙම ක්‍රියාදාමයේදී ඉහත කී අන්දමේ සූක්ෂම අක්‍රමිකතා සම්පත් හෝ අරමුදල් සපයන පාර්ශවයන් වෙත අනාවරණය වූවහොත් රජය හෝ පෞද්ගලික අංශය යැයි වෙනසක් වන්නේ නැත. අරමුදල් සැපයුම්කරුට එය අදාළ වන්නේ ද නැත. අරමුදල් සැපයුම්කරු ගේ අප්‍රසාදය ඇතිකරවීමට තරම් බරපතල අක්‍රමිකතාවයක් මෙවන් ගනුදෙනුවකදී සිදුවන්නේ නම්, එම අරමුදල් අවස්ථාව අහිමි වීමට පවා ඉඩ තිබේ.

ඉහත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාපටිපාටිය තුළ පවතින අපැහැදිලිභාවය ප්‍රශ්න කර සිටීම සාධාරණ යැයි අපට හැඟෙන්නේ එබැවිනි. අදාළ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ අදියරක් වශයෙන් ලබා දෙන ක්‍රීඩා භාණ්ඩ තක්සේරු කළ අයවැයට සාපේක්ෂව ඉතා අඩු මුදලකට ලබා දීමට ඉදිරිපත් වන සමාගමක් නොසලකා හැර මිලෙන් අධික ලංසුවක් භාරගැනීමට කටයුතු කිරීම අප ඉහත කී “ටෙන්ඩර් මඟඩි” ක්‍රියාපටිපාටිය අනුව සිදුවූවක් ද යන්න අප දන්නේ නැත. එහෙත්, මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ලෝක බැංකුව එකවරම තම නිත්‍ය සේවා සපයන්නකු මෙසේ කපාහැර දැමීම අනුමත කරන ලද්දේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුව පවතී. මෙම ක්‍රියාපටිපාටිය තුළ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය බැඳි දේශපාලන අධිකාරියේ බලපෑමක් පවතී නම්, ඒ පිළිබඳව ද අප විමසිල්ලෙන් පසුවන බව සඳහන් කළ යුතුය.

එමෙන්ම, මෙම අනාවරණයට අදාළව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් යම් පැහැදිලි කිරීමක් ලබා දීමට තිබෙන්නේ නම්, පිළිතුරු සැපයීමේ අයිතියට ගරු කරමින් ඒ සඳහා ද අප වේදිකාව විවෘත බව දැනුම් දීමට අපි කැමැත්තෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan