*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ක්‍රීඩාවයි කාන්තා දිනයයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 08, කොළඹ (LNW): කාන්තා දිනය කියලා දවසක් මොකටද?අනිත් දවස්වලට කාන්තාවගේ වැදගත්කමක් නැද්ද?මට මෙහෙම හිතෙනවා.එහෙම හිතන අය තවත් ඉන්නවා.හැබැයි එහෙම දවසක් එක එක දේට විශේෂ කරලා වෙන් කරලා තියෙනවා.එදාට හැමදාම ඒ සළකන විදිහට වඩා තවත් හොඳ මොනවා හරි දෙයක් එකතු කරලා ඒ දිනයට අදාළ චරිතවලට සළකන්න අපිට බැරි ද?


ක්‍රීඩාවේනම් අපිට මොනවද කරන්න පුළුවන්.
ඔලිමිපික් පදක්කම්ලාභිණිය සුසන්තිකා ජයසිංහ.අපට ඉන්නෙ එහෙම එක කාන්තාවයි.කෝටි ගණන් දෙන්න අවශ්‍යය නැහැ.ඇයට එහෙම සත්කාර කරලා තියෙනවා.ඒත් ඒ දවසට ගෙනත් ඒ දවස වර්ථමානයේ සිටින සියලු ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ සමරන්න බැරිද?


තව එකතු කරගන්න පුළුවන් ක්‍රීඩිකාවන් කවුද?ඔලිමිපික් උළෙලක් නියෝජනය කරපු පළමු ක්‍රීඩිකාව තිලකා ජිනදාස ඒ ආකාරයට එකතු කර ගන්න පුළුවන් ක්‍රීඩිකාවක්.වර්ථමානයේ ආසියානු පදක්කම් නියඟය නිමා කරමින් ආසියාතික මට්ටමෙන් වීසි කිරීමේ ඉසව්වකට දිනා ගත් පළමු පදක්කම දිනා ගත් නදීශා දිල්හානි ලේකම්ගේ අපට ඉන්දවන්න අපහසු නැහැ.ඒ වගේම වර්ථමානය ගත් විට ආසියාව දිනා ගත්තු තරුෂි කරුණාරත්න එක දිගට ඇය දිනා දුන් රන් පදක්කම් නිසා මේ හමුවට ගෙනෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවට දකුණු ආසියාතික මට්ටමෙන් වොලිබෝල් වූ ජාතික ක්‍රීඩාවට තවමත් හිමි වී ඇත්තේ එක රන් පදක්කමයි.ඒ කණ්ඩායමම හෝ නායිකා රේණුකා අබේගුණවර්ධන යාපා කැඳවන්න හැකියාව තිබෙනවා.ඒ කණ්ඩායමට එදා සිට පොරොන්දු වූ කිසි දෙයක් ලැබුණේ නැහැ.


පොදු රාජ්‍ය මණ්ඩල ඉතිහාසයේම මල්ලව පොර ක්‍රීඩාව දිනා ඇති එකම රන් පදක්කම හිමිවන්නෙ කාන්තාවකට.ඇය නෙත්මි අහිංසා යි.මේ ආකාරයට විවිධ ක්‍රීඩාවලින් මෙවැනි හේතු විශේෂ කර හොයා ගන්න අපට වඩා දත්ත තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය සතුවයි.මෙවැනි විශේෂ දිනවල ක්‍රීඩාවට එහි ඇති හිතවත්කම යොදා ගනීම අතිශයින් වැදගත් වෙනවා.


ප්‍රංශයේ මෙවර පැවත්වෙන ඔලිමිපික් ක්‍රීඩා උළෙල ගත් විට කාන්තාවන් සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වෙනවා.මීට වසර 124 ට පෙර 1900 දී ප්‍රංශයේ පැවත් වූ ඔලිමිපික් උළෙලේදී තමයි පළමුවරට කාන්තා සහභාගීත්වයක් සිඳුවන්නේ.කාන්තාවට ක්‍රීඩාව විවෘත වූ 1900 සිට වසර 124 ක් ගෙවුණු තැන මෙවර කාන්තා දිනය සැමරෙන මොහොතේ ප්‍රංශයේ පැවත්වෙන ඔලිමිපික් උළෙලේ දී කාන්තාවට සමතැන හිමිවන ක්‍රිඩා උළෙලක් බවට එම උළෙල පත් කිරීමේ ඓතිහාසික වටිනාකම ගැන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මෙවර කාන්තා දිනයේදී ඉහළින් අගය කර තිබෙනවා.මේ ආකාරයට මානවයන්ගේ විවිධ විශේෂත්වයන් සම්බන්ධයෙන් ක්‍රීඩාවට මැදිහත් වීමේ හැකියාව ගැන ක්‍රීඩා පරිපාලන සිතිය යුතුව තිබෙනවා.මේ වන විට ලෝකයේ බොහෝ ක්‍රීඩාවන් පොදුවේ කාන්තා සහ පිරිමි පමණක් නොවන සංක්‍රාන්ති ලිංගිකත්වයද පිළිගැනීම දක්වා වැඩී තිබෙන විද්‍යාත්මක පරිසරයක රැදී සිටිනවා.

එවැනි තත්ත්වයක වුව විශේෂ වූ ලෝකය පිළිගන්නා දවසකදී ඔවුන් ඒ දවසට අදාළ විශේෂත්වයට වෙනම ඇගයීමක් ලබා දෙනවා.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මේ වසරේ විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් කතා කරන්නට සතියක්ම වෙන් කර තිබෙනවා.
මේ ආකාරයට ලෝකය කතා කරාට අපට ඒවා විශේෂ දේ නොවන බව ලෝකයට වඩා සුවිසල් බව හිතන්නට පුරුදු කරපු බංකොළොත් සමාජ දේශපාලනික කාරණා සමඟ අත් පටලා තිබෙන සමාජය සිතුවත් දියුණු ලෝකයට සමාන්තරව අප ගමන් කළ යුතුව තිබෙනවා.ඒ නිසා මේ සටහන අවසානයට ඉදිරියේ යෙදෙන දිනයකදී කළ හැකි දෙයක් ගැනත් පුංචි අවධානයක් ලබා දීම වැදගත් වෙනවා.ජූනි 21 දා සමරන ආදවාසී දිනයේදී හැකිනම් ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් නියෝජනය කර තිබෙන එකම ආදිවාසී ක්‍රීඩකයාට ඒ දවස වෙන් කර දී ඔහුගේ කතාව රටට ලෝකයට ඇහෙන්න දෙන්න පුළුවන්නම් තලාවරිගේ රත්නපාල පැමිණි හෙන්නානිගල පමණක් නොවේ දඹාන,රතුගල වැනි වැදි පරම්පරාවල පිරිසත් මේ තරගකාරී ක්‍රීඩා රටාවට ආදරේ කරමින් එකතු වෙන්න බලයි.දීර්ඝ කාලයක සිට ඔවුන් සතුව තිබෙන ජානමය අනන්‍යතා සහිත දරා ගැනීම,ශක්තිය මෙන්ම ජවය ද විවිධාකාරයෙන් ලංකාවේ ක්‍රීඩාව හා එකතු වේවි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan