විදෙස් ප්‍රේශන වල වැඩි වීමක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07 , කොළඹ (LNW): පෙබරවාරි මාසයේදී පමණක් විදේශගත ශ්‍රමිකයින් පසුගිය ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙන බව වාර්තා වේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසය සමඟ සන්සන්දනය කර බලන විට මෙය 14%ක ඉහළ යාමක් වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව ගතවූ කාලය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 9691.4 ක මුදලක් මෙරටට එවා තිබෙන අතර, නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සඳහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදිම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සඳහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...