කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව එම යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිත ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබිණි.

ඔන්ලයින් පනත සම්මත කරගැනීමට කටයුතු කිරීමේදී කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...