ගුවන් තොටුපලට අලුතින් බස් රථ සහ ජංගම පියගැටපෙළ මිලදී ගැනීමට තීරණයක් !

Date:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගීන්ට ගුවන් යානාවලින් බැසීමට සපයන ජංගම පියගැටපෙළ (mobile staircase) සහ එසේ ගොඩබසින මගීන් ආගමන විගමන අංශය කරා ගෙනයන බස් රථවල පවතින අබලන් තත්වය සම්බන්ධයෙන් LNW අපි මීට පෙර පුවත් දෙකකින් පෙන්වා දුන්නෙමු.

මේ ජංගම පිටගැටපෙළවල් වසර 20 කට වඩා පැරණි ඒවා වන අතර බස් රථ වසර 30ක් තරම් පැරණි ඒවා බවත් එහිදී අපි සඳහන් කළෙමු.

කෙසේවෙතත් මේ වනවිට එම අඩුපාඩුව සපුරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව බස් රථ සහ නව ජංගම පියගැටපෙළ මිලදී ගැනීමට තීරණයක් ගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවත් වාර්තා විය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් පැමිණීම වේගයෙන් ඉහළ යමින් පවතින තත්වයක් තුළ කඩිනමින් මෙම පියවර ගැනීම අගය කළයුතුව ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...