15 වනදා වෙනකොට රටම අඩපණ කරනවා. රට වැහෙන තැනට වැඩවර්ජන කරනවා – GMOA ඇතුළු සමිති (VIDEO)

Date:

මාර්තු 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් දක්වා ගමන් කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් ඇතුළු වෘත්තීය සමිති 40ක් තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.

“අද දවසේ අපි තීරණය කළා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් 9 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න. වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ ඉන්න බහුතරයක් වෘත්තීය සමිති 13 වෙනිදායින් පස්සේ – ඒ කියන්නෙ 9 වෙනිදා ආරම්භ වෙනවා වැඩවර්ජන ක්‍රියාමාර්ග – 13 වෙනිදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ක් නියෝජනය කරන සමස්ත වෘත්තීය සමිති 40 ම ඉතාම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා 15 වෙනිදා වෙනකොට මේ රටම අඩපණ කරන, මේ රටම වැහෙන තැනට ගමන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්ඡතම තැනට ගමන් කළ යුතුයි කියලා තීරණය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියටත් 13 වෙනිදා ඉඳන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වීමටත් තීරණය කරලා තියෙනවා”

හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (07) කොළඹදී පැවැත්වූ විශෙෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...