වී මිලදී ගැනීම් ආරම්භ වේ

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් පමණ ඉල්ලා තිබෙන බවත් ඉන් මිලියන 100 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසීය.

රජය මගින් වියළි වී කිලෝවක් රුපියල් 100කටත් තෙත වී කිලෝවක් රුපියල් 88 කටත් මිලදී ගන්නා බවද ඒ මහතා කීය.

තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, අඟුණකොළපැලැස්ස ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වී කිලෝ මෙට්‍රික් ටොන් 175,000 ක පමණ අස්වැන්නක් ඇතැයි අපේක්‍ෂා කරන බව කී ඒ මහතා, වී අස්වනු නෙළීම මාර්තු 15 ත් 30 ත් අතර කාලයේදී වැඩිපුර සිදුකරන බව ද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...