වී මිලදී ගැනීම් ආරම්භ වේ

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පළමු අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක් පමණ ඉල්ලා තිබෙන බවත් ඉන් මිලියන 100 ක් මේ වනවිට ලැබී තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසීය.

රජය මගින් වියළි වී කිලෝවක් රුපියල් 100කටත් තෙත වී කිලෝවක් රුපියල් 88 කටත් මිලදී ගන්නා බවද ඒ මහතා කීය.

තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, අඟුණකොළපැලැස්ස ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වී කිලෝ මෙට්‍රික් ටොන් 175,000 ක පමණ අස්වැන්නක් ඇතැයි අපේක්‍ෂා කරන බව කී ඒ මහතා, වී අස්වනු නෙළීම මාර්තු 15 ත් 30 ත් අතර කාලයේදී වැඩිපුර සිදුකරන බව ද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...