සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ සිදුකරන ලද අත්ලාන්තික් සාගරය හරහා වහල් වෙළෙඳාම සම්බන්ධයෙන් නිල වශයෙන් සමාව අයැදීම පිළිබඳව සාකච්ඡා කිරීමට තම රජය සූදානම් බව බ්රිතාන්ය අගමැති ඇන්ඩි බර්න්හැම් ප්රකාශ කර තිබේ.
ඉදිරියේදී ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වීමට නියමිත පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට පෙර අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබූ අතර වහල් වෙළෙඳාම හේතුවෙන් මිලියන ගණනක් අප්රිකානුවන්ට අත්විඳීමට සිදු වූ වේදනාව සහ දුක්ඛිත තත්ත්වය පිළිබඳව තමන් කනගාටුව සහ කණගාටුදායක හැඟීම පළ කරන බව ද ඔහු ප්රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, වර්තමානයේ ජීවත් වන බ්රිතාන්ය ජනතාව අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් මූල්යමය වගකීමකට බැඳිය නොහැකි බව පවසමින් වන්දි ගෙවීමේ යෝජනාවට ඔහු විරෝධය පළ කර ඇත.
මේ අතර, බ්රිතාන්යයෙන් වන්දි සහ නිල සමාවක් ඉල්ලා සිටින කැරිබියානු රටවල් අතර බාබඩෝස්, ජැමෙයිකාව සහ ඇන්ටිගුවා සහ බාබුඩා ප්රමුඛ වන අතර එම රටවල් පෙන්වා දෙන්නේ වහල් වෙළෙඳාමේ ඓතිහාසික බලපෑම් අදටත් තම රටවල ආර්ථික හා සමාජීය තත්ත්වයන් කෙරෙහි බලපාන බවයි.
ඒ අනුව, වන්දි ගෙවීම වෙනුවට සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටවල ණය බර අඩු කිරීම, සෞඛ්ය හා අධ්යාපන ක්ෂේත්ර සඳහා සහාය ලබාදීම සහ ණය ආපසු ගෙවීමේ සහන සැලසීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට බර්න්හැම් යෝජනා කර තිබේ.
කෙසේ නමුත්, මෙම කරුණ පොදු රාජ්ය මණ්ඩලීය නායක සමුළුවේදී ප්රධාන සාකච්ඡා මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

