අදත් පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් ??

Date:

අද (08) දිනයේදී පාර්ලිමේන්තුව තුළ ගැටුම්කාරී තත්වයක් බොහෝදුරට උද්ගතවිය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සමගි ජන බලවේගයෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වීමත් ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක් ඊයේ දිනයේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමත් යන සිදුවීම් ඔස්සේ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පොහොට්ටු – සජබ ගැටුමක් ඇතිවීමට විශාල ඉඩක් පවතී.

එමෙන්ම විමල වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත්කිරීමෙන් අනතුරුව පළමුවරට පාර්ලිමේන්තු පැමිණෙන්නේ අද දිනයේදී වන අතර ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන් පහර ගසමින් ප්‍රකාශ නිකුත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් එල්ල වනු ඇත. විශේෂයෙන් විමල් වීරවංශ මහතා ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින් සහ අභියෝග කරමින් මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය නිසාත් යම් ප්‍රකෝපකාරී තත්වයක් ඔහු විසින්ම නිර්මාණය කරගෙන ඇති බවත් සැලකිය යුතුය.

ඒ අනුව මෙම තත්වයන් දෙකෙන් එකක් හෝ දුරදිග ගොස් පාර්ලිමේන්තු සභාගර්භය තුළ දැඩි උණුසුම්කාරී කාලගෝට්ටියක් නිර්මාණය වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් අද දිනයේ ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...