සජබ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ගෝත්‍රික වැඩක් – ඩලස්

Date:

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඕනෑම ස්ථානයක උද්ගෝෂණය කිරීමේ අයිතිය තිබෙන නමුත් එවැනි උද්ඝෝෂණවලදී සිදුවන ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය අසල පැවති උද්ඝෝෂණය අතරතුරදී සජබ කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ගෝත්‍රික හා බියගුලු ක්‍රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ කෝට්ටේ පිහිටි සජබ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ එම උද්ගෝෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් සිය කාර්යාලය වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...