අප්‍රේල් අවුරුදු නැකතට කිරිබත් කනවා වගේ රිලා සංගණනයට මාර්තු 15 මුළු රටම එක මිටට සෙට් වෙන්න – ඇමති නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

සිංහල දෙමළ අවුරුදු සමරන සියලුම ජනතාව ඒ අවුරුදු නැකැත්වලදී එකට කැටි වෙනවාක් මෙන් මාර්තු 15 වෙනිදා සත්ව සංගණනයේදීත් මුළු රටම එකට පෙළගැසිය යුතු බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

“දැන් මේ හැමෝම වගේ ප්‍රශ්න කරන එකක් තියෙනවානෙ, විනාඩි පහෙන් ගණන් කරන්න පුළුවන්ද කියන එක. දැන් අපි කියමු විනාඩි පහ වෙනුවට පැය බාගයක් දුන්නොත් මොකද වෙන්නෙ ? මෙතන ඉන්න රිලවා පනින් නැද්ද එහාට ? මේ වත්තෙ ඉන්න රිලවා එහා වත්තට පනිනවා. ඒ වත්තෙ ඉන්න රිලවා මෙහා වත්තට පනිනවා. ඒ නිසා මුං එක තැනක නැහැ. දෙසැම්බර් 31 වෙනිදා රෑ 12 ට මුළු ලෝකෙම එක මිටට සෙට් වෙන්නැද්ද ? සෙට් වෙනවා. අප්‍රේල් අවුරුද්දට හිසතෙල් ගානකොට, ඉඳුල් කටගානකොට, කිරිබත් කනකොට, සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ජන කොටස් එක මිටට කැටි වෙන්නැද්ද ? කැටි වෙනවා. ඉතින් ඒ වාගේ 15 වෙනිදා උදේ අටේ සිට අටයි පහ දක්වා මේ කාලය තුළ මුළු රටම එකට පෙළගැහෙන්න ඕනෙ”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...