සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 09, (LNW)කොළඹ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර තෙදින තරගාවලියේ සූරතාවය දිනා ගැනීමට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් වුණා.නිපුන් කරුණානායකගේ නායකත්වයෙන් යුතු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ජාතික කණ්ඩායමේ නියෝජනයන්ට වඩා ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගත හැකි තරුණ ක්‍රීඩකයන්ගෙන් සැකසී තිබීම මේ ජයග්‍රහණයේ වටිනාකම බ්ලූම්ෆීල්ඩ්මය තත්ත්වයට එහා ගිය ජාතිකමය ක්‍රිකට් ආස්වාදයක් ඇති කරනවා.
අවසාන සටනේදී ප්‍රතිවාදීන් වූ එන්සීසී ක්‍රීඩා සමාජය ප්‍රථම ඉණිමේ පරාජයකට යටත් කරන්න බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමට බෙහෙවින් බලපෑවේ ඔවුන්ගේ පළමු ඉණිමේ ලකුණු 508 ක් වූ දැවන්ත ලකුණු පූවරුව.ඊට ලකුණු 207 ක් ම එකතු කළේ රොන් චන්ද්‍රගුප්තයි.කලෙක සිට ජාතික කණ්ඩායමේ මුවදොර ළග ගැවසෙන රොන් මේ වන විට තිස් හැවිරිදි වියේ පසුවෙනවා.මේ ඉණිම දැන්වත් මේ පැත්ත බලපං කියනාකාරයේ ඉණිමක් ලෙස හැදින්විය හැකියි.
බ්ලූම්ෆිල්ඩ් ජයග්‍රහණයට කන්ද උඩ රට ආශිර්වාදය අපූරුවට මුසු වුණා.රොන් ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්.රොන් තරමට පිරිපුන් දක්ෂතාවයන්ගෙන් අවසාන තරගය හැඩ කළ අසිත වන්නිනායක පළමු ඉණිමේදී ලකුණු 96 ක් සහ දෙවන ඉණිමේ නොදැවී ලකුණු 104 ක් ලබා ගනිමින් පෑ දස්කම් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අතට කලෙකට පසුව පත්වන තෙදින තරග ජයග්‍රහණයේ සූරතාවයේ ප්‍රධාන සාධක වුණා.රොන් ත්‍රිත්ව වීම මෙන්ම තවමත් 21 හැවිරිදි අසිත මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට ලැබුණු දායාදයක්.ඔහු කුරුණෑගල වුවත් ක්‍රිකට් පිටියට දායාද වන්නේ ශාන්ත අන්තෝනිය හරහා යි.
එසේම බ්ලූම්ෆීල්ඩ් පළමු ඉණිම ශක්තිමත් කරන්නට රොන් සමඟ පළමු කඩුල්ලට ලකුණු 119 ක සබඳතාවයක් පවත්වමින් ලකුණු 52 ක් රැස් කරන හසිත බෝයගොඩත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ලැබුණු දායාදයක්.26 හැවිරිදි ඔහු වගේම 32 හැවිරිදි ලහිරු මධුශංක ද ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ මධ්‍යම පළාතේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය හරහා යි.
ක්‍රීඩාව කරන අමාත්‍යවරයාටනම් මේ කාරණය අපූරු පාඩමක් වෙනවා.ඔහු බලය කේන්ද්‍ර විය යුත්තේ ප්‍රධාන ක්‍රීඩා සමාජ නම කියූ සැණින් දන්නා ක්‍රීඩා සමාජ ලෙස සිතා සිටියත් මහනුවර කෙසේ වෙතත් මාතලේ වැනි දිස්ත්‍රික්කයකට ක්‍රීඩාව සඳහා තිබෙන දිස්ත්‍රික් සහ පළාත් ව්‍යහුය අතිශයින් වටිනවා.බස්නාහිර පළාතම අවධානයට ගත්තත් බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමට එරෙහිව පිළිතුරු ඉණිමේදි එන්සීසී ක්‍රීඩා සමාජය වෙනුවෙන් අගනා ලකුණු 145 ක් රැස් කළ ලහිරු උදාර ද නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ක්‍රීඩාවට ලැබුණු තිළිණයක්.ඉනික්බිති නුගේගොඩ ක්‍රීඩා සමාජය වැනි තැන් ඔහුව රඳවාගෙන පෝෂණය කර කාලයත් සමඟ ජාතික මට්ටමට සමීප කළ අතර ඔහු ගෙවුණු ඔස්ට්‍රේලියානු සංචාරයේදී ජාතික සංචිතයට පවා ඇතුළත් වුණා.
මේ තරගයේදී එන්සීසී ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 5 ක් දවා ගත් ලහිරු කුමාර ගත්ත ද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ලැබුණු ක්‍රීඩකයෙකු වුව,ඔහු ත්‍රිත්වයට ද පැමිණෙන්නේ වෙනත් පාසලක් හරහා ක්‍රිකට්වලට විවර වුණු මාර්ගය ඔස්සේ බව කිව යුතුයි.

ණය තවත් අතකින් වැදගත් වන්නේ ක්‍රිකට් කොළඹ හතේ නියෝජනයක් ලෙස ගත්ත ද,බ්ලූම්ෆීල්ඩ් ක්‍රිඩා සමාජයේ ෂෙලී වික්‍රමසිංහයන් නිරන්තරයෙන් සිහි ගන්වන්නේ කොළඹ හතේ ක්‍රිකට් සඳහා වෙනස් ශානරයක් ඇති කළ පුද්ගලයෙකු ලෙසින් වීම නිසයි.ඒ නිසා වඩාත් පොදු ජනතාවට සමීප ක්‍රීඩා සමාජය ලෙස ඇලී තිබෙන ඉතිහාසයක වර්ථමානය නැවතත් ජයග්‍රාහී තැනෙකට සමීපව තිබීම වැදගත් වෙනවා.
එහෙත් මේ තරගය පුරාම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නට තේරී සිටින ක්‍රීඩකයන්ගේ ඉතිහාසය ක්‍රිකට්වලට ඉතිහාසයේ වෙන්ව තිබුණු ප්‍රභූ පංතියේ ඡේදනය වීමක් සටහන් කරනවා.ඒ මූල්‍ය වශයෙන් ආඨ්‍ය වූ සමාජ ස්ථරයක ප්‍රබූත්වය වෙනුවට ක්‍රීඩක හැකියාව ප්‍රභූත්වයට ගෙන ඇගයෙන ක්‍රමයක් ඇතුළත ක්‍රීඩකයින්ට මේ අවස්ථාවන් කණ්ඩායම් වෙතින් ලැබී තිබෙනු දකින්නට හැකි වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාප්තිය සහ ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන දායකත්වය යශෝරාවයක් ලෙස ගත හැකි තැන නිර්මාණය වන්නේ මේ ක්‍රීඩකයින් ජාතික සම්පත් කරා පැමිණීම සිදුවීමට පිය ගැට පෙළක් මෙන් ස්ථර කිහිපයක් පවතින අයුරු පෙනෙන්නට තිබීමයි.අන්තිම තත්ත්පරය අල්ලා ගන්නේ නැතුව ඒ තත්පරය උදාවීමට ප්‍රථම පසු කර තිබෙන පැය ගණන් ද ක්‍රීඩාවේ සැකැස්ම ගැන සිතීමේදී අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් බලධාරීන් ක්‍රීඩකයාගේ නමට අන්තිම තත්පරයේ සම්බන්ධ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ නම වෙනුවට ඔහු එතැනට ඔසවා තැබෙන පියවර ගණනාවම අධ්‍යයනය කරමින් තීරණවලට එළැඹීම වැදගත් වෙනවා.

කෙසේ නමුත් මෙවර තෙදින තරගාවලිය අලුත් බලාපොරොත්තු ඇති කරමින් සහ ජාතික කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් හොඳ පෙළ ගැස්මක් සැකසෙමින් තිබෙන බවට සංඥා නිකුත් කළ තරගාවලියක් ලෙස නිමා වෙනවා.එහිදී අවසාන තරගයේ ලකුණු සටහන තුළ බොහෝ දේ එහි සිටින ක්‍රීඩකයන්ගේ වර්ථමානයට අතීතය ස්පර්ශ කරමින් පිවිසෙමින් හඳුනා ගන්නට හැකියි.එය තරගයට පමණක් අදාළ නොවන ජාතික ක්‍රිකට් සංයුතිය සහ ව්‍යහුය ගැන යම් අදහසක් ලබා ගැනීමට ද වැදගත් වෙනවා.පහතින් දක්වා ඇත්තේ අවසාන තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන මඟයි.
https://srilankacricket.lk/mens-major-club-tournament/?type=scorecard&mId=1297&cId=68&dId=1
