පොලිස්පති සොයා CIDය කතරගම බස්නායක නිලමේගේ මහගෙදර වටළයි !

Date:

කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගේ මාතර පිහිටි මහගෙදර අද (09) රාත්‍රී 11.00 ට පමණ පොලීසියෙන් වටළා ඇති බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂක එම්. ආර්. දයානන්දගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් මෙසේ කොළඹ සිට මාතර බලා ගොස් මහ රෑ එම නිවස වටළා ඇති අතර සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව මේ වනවිට (රාත්‍රී 11.20) එම නිවස සෝදිසි කරමින් සිටින බව සඳහන්.

මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාම සිවිල් ඇඳුමින් සැරසී එහි ගොස් ඇති අතර ඔවුන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ද ප්‍රතික්ෂේප කරමින් නිවසට ඇතුළු වී ඇති බවත් වාර්තා විය.

මේ අවස්ථාවේදී අදාළ නිවසේ සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ 84 හැවිරිදි මව පමණකි.

මේ සිදුවීම සිදුවන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා හෙට (10) පෙරවරුවේ කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

වැඩි විස්තර පසුවට ….

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...