සමගි ජන බලවේගයේ මහනුවර නායකත්වය කිරිඇල්ලටම

0
338

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව පත්කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ඊයේ (මාර්තු 09) පිරිනමා ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල යනු දශක හතරක දේශපාලන අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු වන අතර ඔහු 1989 සිට 2024 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.