කතරගම බස්නායක නිලමේටත් CID යෙන් කැඳවීමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලමේවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

එහිදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ගෞරවයක් වශයෙන් තමන්ට කතරගමට පැමිණ මෙම ප්‍රකාශ සටහන් කරගත හැකි යැයි CID නිලධාරීන් පවසා ඇති නමුත් බස්නායක නිලමේවරයා එහිදී ප්‍රතිචාර දක්වා ඇත්තේ මහජන මුදල් වැය කරමින් CID නිලධාරීන් කතරගමට පැමිණීමට අවශ්‍ය නොමැති බවත් තමන් ලබන සතියේ කොළඹ සිටින බැවින් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ කට උත්තරයක් ලබාදිය හැකි බවත් ය.

ඒ අනුව ඩිෂාන් ගුණසේකර මහතා ලබන සතිය මුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර කතරගම දේවාලයේ ප්‍රතිපාදන යටතේ කතරගම නගරයෙහි සිදුකරගෙන ගිය ප්‍රතිසංස්කරණ හා අලංකරණ කටයුතු ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට නතර කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...