*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත මේ මොහොතේ සුදුසු නෑ – කරු ජයසූරිය

පෞද්ගලික දත්ත ආරක්ෂන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම, ඒ පිළිබඳ පුළුල් සමාජ සංවාදයකින් අනතුරුව සිදුකළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

පෞද්ලික දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය අත්‍යවශ්‍ය කටයුත්තක් වන නමුත් එය සිදුකළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරයක් නොවන ලෙස බවද ජයසූරිය මහතා අවධාරණය කරනවා.

යෝජිත පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සම්මත කරගතයුත්තේ ඒ පිළිබද වන පුළුල් සමාජ සංවාදයකින් අනතුරුවය. එය මේ මොහොතේ සම්මත නොකරගත යුතුය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත සමාජය තුළ සිදුකරන පුළුල් සංවාදයකින් හා යෝජනා සලකා බැලීමකින් තොරව සම්මත කරගැනීමෙන් වලකින ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරඇති අතර, එමඟින් පෞද්ගලික දත්ත ආරක‍්ෂා කිරීම සඳහා නව නීති හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ. එකී අවශ්‍යතාවය කෙරෙහි අපද මූලික වශයෙන් එකඟ වන්නෙමු. නමුත් එම අවශ්‍යතාවය සම්පූර්ණ කල යුත්තේ තොරතුරු දැනගැනීමේ අයිතියට හා රටේ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරතාවයක් ඇති නොවන ආකාරයටය. එහෙත් යෝජිත මෙම පනත බලාත්මක වුවහොත් එම අයිතිවාසිකම්වලට හා විශේෂයෙන්ම මාධ්‍ය නිදහසට ඇතිවියහැකි අනිටු විපාක පිළිබදව ඒ පිළිබදව උනන්දුවක් දක්වන අංශ ගණනාවක් වෙතින් සමාජයේ අවධානයට යොමුකර තිබේ. ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙන්ම රටේ ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධානද ඇතුළු තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක්ද ඒ අතර වේ.එම සංවිධාන ලෙන්වා දී ඇති කරුණු පිළිබඳව පුළුල් අවධානයක් හා සංවාදයක් සිදුකිරීමෙන් පසු පොදු එකඟත්වයකින් පමණක් මෙවැනි පනත් සම්මත කරගැනීමෙහි ඇති අවශ්‍යතාවය පිළිබඳව අපද සංවිධානයක් ලෙස දැඩිලෙස පෙනී සිටින්නෙමු.

විශේෂයෙන්ම පෞද්ගලික දත්ත හා පෞද්ගලික දත්තයන්හි ප්‍රභේද පිළිබඳව මෙම පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කරඇති ආකාරය මෙන්ම යෝජිත දත්ත අධිකාරියට ලබාදීමට අපේක්ෂා කරන සුවිශාල බලය තුළ එය ස්වාධීන හා නිදහස් ආයතනයක් ලෙස තහවුරු කරනොමැති පසුබිමක මෙම පනත් කෙටුම්පත මේ මොහොතේ සම්මත කරගැනීම රටට බෙහෙවින් අහිතකර වියහැකිය.

බැවින් අප මේ මොහොතේ රජයෙන් හා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාල සෑම අංශයක් සමගම සිදුකරන්නාවූ පුළුල් සංවාදයකින් අනතුරුව ඇතිකරගන්නා එකගත්වයකින් මිසක මෙම පනත මේ මොහොතේ සම්මත කරගැනීමෙන් වැලකී සිටින ලෙසය.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan