වියළි කාළගුණය නිසා අඛණ්ඩ ජල සැපයුමට බාධා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි පැවසේ .

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි සඳහන් කළේ, මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි,

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇත.

1939 ඒ දුරකතන අංකය වේ.

අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බව මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...