ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා යාපනයේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හි නිරීක්ෂණ චාරිකාවක

Date:

ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් සෙවිති සායි මුරලි මහතා ඊයේ (09) යාපනය, නෙල්ලිඅඩි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම ශාඛාවේ සිසු සිසුවියෝ 600ක් පරිගණක භාෂා අධ්‍යාපනය ලබති.

යාපනය දිස්ත්‍රික්කය සඳහා ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 9ක් ලබාදී ඇති අතර ඒවායින් නෙල්ලිඅඩි, උඩුපිට්ටි, නල්ලූර්, වඩුකෝට්ටෙයි සහ තෙල්ලිපලෙයි යන ශාඛාවන් දැනටමත් විවෘත කර ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව වේලනයි, චාවකච්චේරි, කෝපායි සහ උඩුවිල් යන ශාඛාවන් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින අතර ඒවා ද ඉතාම ඉක්මනින් විවෘත කිරීමට නියමිත ය.

යාපනය දිස්ත්‍රික්කයේ මෙම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 9ම පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපති, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ “මයි ඩ්‍රීම් ඇකඩමි” වැඩසටහන සහ ඩීපී එඩියුකේෂන් එක්ව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...