මාලිමාවේ කොළඹ පුරපති අපේක්ෂිකාව බල්තසාර්. අපි හැම සභාවක්ම දිනන්න ඕනේ – ටිල්වින් නිවේදනය කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂිකාව වශයෙන් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපේ පළාත් පාලන ආයතනවල ලොකුම එක තමයි කොළඹ මහ නගරසභාව. ඒක පුංචි ආණ්ඩුවක් වගේ තියෙන්නෙ. ඉතින් දැනටමත් කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂිකාව ව්‍රායි බල්තසාර් සහෝදරිය. අපි ඇයව ජයග්‍රහණය කරවන්න මේ සභාව දිනන්න ඕනෙ අපි. ඒ වගේම හැම සභාවක්ම ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ, අමාත්‍ය මණ්ඩලයේ, අගමැති තනතුරේ කාන්තා නියෝජනය හදාගත්තා වගේම බිම් මට්ටමේ කාන්තා නායකත්වය අපි අත්පත් කරගන්න ඕනෙ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය පැවැත්වූ ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...