අතුරුදහන්ව සිටින දේශබන්දුගෙන් රිට් පෙත්සමක්!

Date:

කොළඹ LNW:මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන්වෙත නිකුත් කර තිබෙන නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්න ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

කෙසේවෙතත් හිටපු පොලිස්පතිවරයා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැති අතර ඔහුව සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් හයක් යොදවා ඇති බව සඳහන්.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත්කළ මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවන ලදී.

වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස විනිසුරුවරු නියෝග කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...