මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවි 03ක් සමඟ සැකකරුවන් 03ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

ගිනි අවි 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මහව පොලිස් වසමේ ලියනගම ප්‍රදේශයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒවා මෙරට නිෂ්පාදිත ඒවා බවද වාර්තා වේ.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මහව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 60යන වයස්වල පසුවන මහව හා ලියනගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙනියාව පොලිස් වසමේ දොරොව්ව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු  වයස අවුරුදු 33 ක් වන දොරොව්ව, දිවුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ සැකකරුවෙකු ඉදිරි විමර්ශන සඳහා කොටදෙනියාව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...