තමා ඉන්ද්‍රජාලිකයකු නොවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිය තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ කල් තබා එහි ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට තමා ඉන්ද්‍රජාලිකයකු නොවන බවයි.

ඊයේ(09) දිනයේදී ෆොක්ස් නිවුස්හි සම්මුඛ සාකච්ජාවකට සම්බන්ධ වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද අවිනිශ්චිත තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය මෙම වසරේ අවපාතයකට ගමන් කිරීමේ හැකියාව සහ උද්ධමනය ඉහළ යාමේ හැකියාව ඇති බවට මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකශ කර තිබිණි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා අනාවැකි පළ කළේ ඔහුගේ ආර්ථික ඉලක්ක ඵල දැරීමට කාලය සහ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් ගතවනු ඇති බවටයි.

පසුගිය සතියේ ඇට්ලන්ටා ෆෙඩරල් සංචිතය යෝජනා කළේ එක්සත් ජනපද ආර්ථිකය පළමු කාර්තුවේදී හැකිලීමට ආසන්න බවත්, දුර්වලතාවය දිගටම පැවතුනහොත් ලෝකයේ විශාලතම ආර්ථිකයට අවපාතයක් ඇති විය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...