*
Monday, March 10, 2025
spot_img

Latest Posts

‘සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලු ගඟුලක් අද වියැලිලා ….’ මිල්ටන් මල්ලවාරච්චි මතකාවර්ජන

යුග යුග ගණනාවක රසික සිත් අමන්දානන්දයට පත්කළ හඬ පෞර්ෂය මිල්ටන් මල්ලවරච්චි මහතාගේ 27වන ගුණානුස්මරණය අද(10)ට යෙදී තිබේ.

ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ වඩාත්ම ගෞරවනීය ගායකයෙකු වශයෙන් සම්භාවනාවට පත් මිල්ටන් මල්ලවාරච්චි මහතා සංගීත රචකයෙකු, රිදී තිරය සඳහා චිත්‍රපට පසුබිම් ගායකයෙකු, දක්ෂ තබ්ලා සහ සිතාර් වාදකයෙකු විය.

සංගීත ක්ෂේත්‍රයේ මුල් අවධියේ මිල්ටන් මල්ලවාරච්චි මහතා හින්දි ගායනයට වැඩි වැඩියෙන් සම්බන්ධ වූ අතර ගිටාර් වාදකයෙකු, ධෝලක් බෙර වාදකයෙකු සහ තබ්ලා වාදකයෙකු ලෙස ජනප්‍රිය විය. අනතුරුව ‘සාක්යන්ස්‘ නමින් සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වූ අතර පසුව 1969දි ඔහුගේ ගායනයන් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදක නිෂ්පාදක පැට්‍රික් කොරියා ගේ ඇස ගැටින.

ඔරුවක පවන, රන් කූඩුවක් ඔබ සාදු, සංසාරේ සෙවනැල්ල සහ මංගලේ නෙත් මංගලේ යන ගීත 1969 දී එක්ස්වී ලේබලය මත 78 rpm තැටි ද්විත්ව කට්ටලයක් ලෙස නිකුත් කරන ලද අතර ඒ අතරින් ‘ඔරුවක පාවෙන’ ගීතයත් සමඟ මිල්ටන් ජනාදරයට පත්විය.

ඉන් අනතුරුව එම ගීතය ගුවන්විදුලි ශ්‍රාවකයින් අතර ජනප්‍රිය වීමත් සමඟම ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් සහ ආරියදාස පීරිස් යන මහත්වරුන්ගේ සහය ඇතිව කටහඬ පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදු වූ අතර 1970 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයෙකු බවට පත්විය.

මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළේ කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ.ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, උපාලි දනවලවිතාන, ධර්මසිරි ගමගේ, උපාලි කන්නන්ගර, අජන්තා රණසිංහ,සංගීතඥ වික්ටර් රත්නායකගේ මඟ පෙන්වීම යටතේය.

ඉන් අනතුරුව මිල්ටන් චිත්‍රපට පසුබින් ගීතයට සම්බන්ධ වූ අතර සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටය සඳහා සිරි කුලරත්න විසින් රචනා කරන ලද රන් දේදුනු රන් පාටින් තේමා ගීතය ගායනා කිරීමට මිල්ටන්ට අවස්ථාව ලැබුණි. 1970 දී, ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය යටතේ ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ රන් ඔන්චිල්ලා චිත්‍රපටය සඳහා ඔහු ගීත කිහිපයක් ගායනා කළේය. මල්ලවාරච්චි පසුබිම් ගායකයෙකු ලෙස ආරම්භ වූයේ 1971 දී තිරගත වූ පූජිතයෝ චිත්‍රපටයේ වන අතර එය රන් ඔන්චිල්ලාට පෙර තිරගත විය.

මල්ලවාරච්චිගේ වඩාත්ම සාර්ථක ගීතයක් වූයේ 1976 දී මෙල්රෝයි ධර්මරත්න විසින් නිෂ්පාදනය කරන ලද මේ මැයි යට ගීතයයි.

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නෑත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ….

1984 දී, කෙන්දන් යන්නම් ප්‍රියා සූරියසේන සහ ග්‍රේටියන් ආනන්ද සමඟ සේන සමරසිංහගේ “ඒතින් ඇයට” චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීම සඳහා හොඳම පසුබිම් ගායකයා ලෙස සරසවිය සම්මාන උළෙලේදී ඔහුට සම්මානය හිමි විය. ඔහු චිත්‍රපට 150 කට ආසන්න සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වී ඇති මිල්ගාටන්මි මල්ණීලවාරච්චි ගාමිණි ෆොන්සේකා වෙනුවෙන් වැඩිම පසුබිම් ගීත සංඛ්‍යාවක් ගායනය කළ ගායකයා බවටද වාර්තා වේ.

දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජනකාන්ත ගායන ශිල්පියෙකු වූ මිල්ටන් ඇල්බම් 35කට අධික සංඛ්‍යාවක් සමඟින් මුළු ගීත 850කට ආසන්න ප්‍රමාණයක් ගී කේත වෙත දායාද කර ඇත.

ඔහු විසින් ගායනා කළ ගී අතර මධු මල ලෙස, ඉවුරු තලා, මා නිසා ඔබ, රෑනේ ඉගිලෙන්න, එදා රෑ, මේ මැයි ගහ යට, සඳ තනිවෙලා, සැදී රන් අබරණින්, හද පතුලේ, සිනහව අතරින්,ඔබ වෙනුවෙන් මා, උපුල් නුවන්, විදී කොනේ, රන්මසු නෑ කියා, පියාපත් සලා, සිත අරණේ, පෙර එක දිනයක, මුව මදහාසේ, නිල්ල නගන, කෙසේ කියන්නද, අවසර නැත මට, හඬන්නෙපා දැන්, සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්, දිනෙක රන්සළු පළඳා, මග තොටදී, සයුරු තෙරේදී අවන් හැලෙසි, මා නිසා ඔබ, තරහා වනු එපා, මා නෙත් කැදැල්ලේ,තනිවී සිටින්නැයි මා, පියාපත් සලා, ආදී ඔහු ගායනා කළ සියලුම තනු දහස් ගණනක් රසිකයින් ආකර්ෂණය කරගත් මෝහනාත්මක ප්‍රේම ගීතයක් බවට පත්විය.

නෑ සිය මිතුරන් පැමිණීලා

ආසිරි සුභ පැතුම් පැතුවා

ඔබ නාවේ ඇයි මිහිරියේ….

එකල මිල්ටන්ට ගී ලියූ කුලකයද අතිශය සුවිශේෂය. ඔවුන් එක පෙළට මිල්ටන්ට ලබා දුන්නේ ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වූ පද රචනාවන්ය. එසේ නොමැති නම් කිසියම් සංගීතඥයෙකු විසින් පෙර නිර්මාණය කළ තනුවකට ඔවුන් මනා අවබෝධයෙන් යෙදූ වචන මාලාය. කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, චිත්‍රානන්ද අබේසේකර, ක්ලැරන්ස් විජේවර්ධන වැන්නවුන් එම කාර්යයෙහි ප්‍රමුඛ වුණු නාමයන් කිහිපයක් පමණි.

මා නිසා ඔබ නොපිරූ පෙරුම්

මා නිසා ඔබ නොපැතූ පැතුම්

ඒ සිනහා මැද ඉටු වේවි නම්

ආයේ නාවත් කම් නෑ ඉතිං…

ශ්‍රී ලංකාවේ රූපවාහිනියක් නොතිබූ කාලයක, විවිධ සංදර්ශනවල ඔහුගේ පෙනී සිටීම් විශාල ජනකායක් ආකර්ෂණය කර ගත්තේය. දේශීය ප්‍රසංග වේදිකාව කොයි තරම් ප්‍රබලව ආක්‍රමණය කළත් ඔහුට විදෙස් ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ නොහැකි විය. ඒ ඔහුට එම අවස්ථාව නොලැබුණු නිසා නොවේ. ලැබුණු අනේක අවස්ථාවන් ප්‍රතික්ෂේප කළ බැවිනි. ඔහු ගුවනින් ගමන් කිරීමට බිය වී යැයි මා අසා ඇති කරුණකි.

හෙල සිනමාවෙ චිත්‍රපටයක ප්‍රථම හින්දි ගීතය ගැයු ඔහු අවසන ග්‍රැමෆෝන් තැටි ගායකයාද වූ අතර ප්‍රථම කැසට් පටයට ගී ගයමින්, අවස්ථා ගණනාවකදී සරසවි ඇතුළු සම්මාන රැසක් දිනා වසර 53ක් ආයු වළඳා මාර්තු 10 අද වන දිනෙක අප අතරින් වියෝ විය.

ඔහු සිතු පැතු තැනක මිහිරම වපුරණු ඇතැයි අපි සිතමු, ගතින් වියෝ වුවත් මිල්ටන් අද මෙන්ම හෙටත්, යුග යුග ගණනාවක් අප සිත් සතන් තුළ වැජඹෙනු ඇත.

උතුරා ගාලු ගඟුලක් අද වියළිලා…

සටහන: සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan