විමල්ට එරෙහිව පරීක්ෂණ යළිත් උඩ එයි

Date:

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යළිත් ආරම්භ වී තිබෙනවා. මීට අදාලව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාරවරයා අද (10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා.

2010 – 2014 කාල වකවානුවේ සිදු වූ මෙම වාහන අවභාවිතය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේදී මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණි. මෙම චෝදනාවට අදාලව 2017 වසරේදී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අතර මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අදාල විමර්ශන යටගිය නමුත් විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව යළිත් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

අදාල වාහන අවභාවිතය සිදුවන කාලසීමාව වනවිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, විමල් වීරවංශ මහතාගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...