විමල්ට එරෙහිව පරීක්ෂණ යළිත් උඩ එයි

Date:

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යළිත් ආරම්භ වී තිබෙනවා. මීට අදාලව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාරවරයා අද (10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා.

2010 – 2014 කාල වකවානුවේ සිදු වූ මෙම වාහන අවභාවිතය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේදී මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණි. මෙම චෝදනාවට අදාලව 2017 වසරේදී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අතර මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අදාල විමර්ශන යටගිය නමුත් විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව යළිත් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

අදාල වාහන අවභාවිතය සිදුවන කාලසීමාව වනවිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, විමල් වීරවංශ මහතාගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...