ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): අද(11) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පැවසේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාද වලට අවස්ථාවක් ලබාදීම සදහා මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, මෙම සාකච්ඡාව සදහා සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර තිබුණි.

එම සාකච්ඡා සදහා සහභාගී නොවන බව, එහෙත් සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඊයේ (10) ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා සදහා සහභාගීවන බවට තිරණය කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...