ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙන විද්‍යුත් දුම්වැටි උවදුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා අද (11 ) උදෑසන කියා සිටියේය.

ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා – ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදී ඒ මහතා එසේ පැවසූවේය.

සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසූවේ, මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බවයි.

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට , පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබෙන බව වාර්තා වේ..

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වග බලා ගෙන තිබේ .

එම දුම්වැටි තුළින් සම්ප්‍රදායික දුම්කොළ ගන්ධය නිකුත් නොවන අතර  ඇපල් , දොඩම් , අඹ , කෙසෙල් සහ චෙරි සුවද වැනි නිකුත් වීම නිසා මෙය දුම්වැටියක් ලෙස සිතා අවශ්‍ය පියවර ගැනීමට අපහසු වී තිබේ .මෙම දුම්වැටියක් තුළ දුම් වාර 50,000 ක් හෝ 60,000 ක් පමණ  ඇති අතර , වෙළෙඳ පොළේ විකිණීමට ඇති දුම්වැටියක් ආකාරයට දැල් වීමෙන් පසු එය දැල් වී අවසන් වන තෙක් පානය කළ යුතු වුවද , මෙම දුම්වැටි තමන් කැමති ඕනෑම වේලාවක  පානය කිරීමට හැකි වීම විශේෂත්වයකි .

මෙම දුම්වැටි නැවත , නැවත විදුලිය ආරෝපණය කිරීම මගින් අවශ්‍ය වේලාවට දුම් පානය කිරීම සදහා යොදා ගත හැකි අතර මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසාම  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ  ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ .

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ, දැනට මෙම විද්‍යුත් දුම්වැටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , කොළඹ වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන බව ද සොයා ගෙන ඇති අතර, මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...