මහින්දට හදපු ගෙයක් ගැන කතරගම බස්නායක නිලමේගෙන් පැය තුනක් ප්‍රකාශ සටහන් කරගනී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (මාර්තු 10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඊයේ පෙරවරු 11.00 ට පමණ එහි ගිය බස්නායක නිලමේවරයාගෙන් පැය තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් CID නිලධාරීන් එහිදී තමන්ගෙ කරුණු විමසූ බවයි බස්නායක නිලමේවරයා සඳහන් කළේ.

“කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්, ජනාධිපති කාලයේ හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳව විස්තර දැනගන්න තමා මට එන්න කිව්වේ. මට චෝදනාවක් නෑ. ඒ කියන්නේ ඒ ගෙදර ගැන හරි විස්තරේ දන්නේ මම. මොකද ඒ ගෙදර හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් දැන් මැරිලා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතන්න ඇති මම තමයි මේකෙ විස්තර දන්න කෙනා, ඉතින් මගෙන් විස්තර අහන්න තමයි එන්න කියලා තියෙන්නෙ. ඒක මහින්ද මහත්තයාට නෙමෙයි අයිතියි. ඕක හැදෙව්වේ විමලරත්න කියලා මහත්තයෙක්. සෝරත හාමුදුරුවෝ තමා වියදම් කළේ. මහින්ද මහත්තයා ආපුවාම ඉන්න කියලා. ඒ කාලේ ඉතින් යුද්දේ දිනපු කාලේ, මහින්ද මහත්තයාට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්, කාමරයක්, ඉන්න තැනක් හදලා තිබුණා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...