බදු ගෙවන්න බෑ – GMOA ඇතුළු ඉහළ පැලැන්තියේ වෘත්තිකයින් සඳුදා සිට වැඩවර්ජනයේ

Date:

ඉහළ පෙළේ වෘත්තිකයින්ගේ වැටුප් මත අය කරන බද්ද සම්බන්ධයෙන් එම වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (10) පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ඒ අනුව ලබන සඳුදා (13) සිට අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති සම්මේලනය පවසන්නේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා,

“අපි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් සඳුදා උදේ 8 සිට අකර්මණ්‍යයි. අඟහරුවාදා සෙසු පළාත් වර්ජනයට එක් වෙනවා. අඟහරුවාදාත් විසඳුමක් නොලැබුණොත් බදාදා උදේ 8 සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගමන් කරනවා ඇති.”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...