*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

බීජිං සාකච්ඡාවලින් පසු ඉරානය සහ සෞදි අරාබිය එක පිළක

ඊයේ (10)දිනයේ බීජිං හි පැවති සාකච්ඡා වලින් අනතුරුව ඉරානය සහ සෞදි අරාබිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ඇති කර ගැනීමටත් මාස දෙකක් ඇතුළත ඔවුන්ගේ තානාපති කාර්යාල යළි විවෘත කිරීමටත් එකඟ වී ඇති බව ඉරාන සහ සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව 2001 දී අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් සක්‍රීය කිරීම මෙමඟින් සිදුවනු ඇත.

2016 වසරේදී රියාද් විසින් ටෙහෙරානය හා පැවැති සබඳතාවයන් බිඳ දැමූ අතර ඉරානයේ සෞදි රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ආක්‍රමණය කිරීමත් සෞදි අරාබිය ප්‍රකට ෂියා මුස්ලිම් ජාතිකයෙකුහට මරණ දණ්ඩනය ලබා දීමත් මේ වෙනුවෙන් ආසන්නම හේතූන් විය. ෂියා බහුතරයක් සිටින ඉරානය සහ සුන්නි බහුතරයක් සිටින සෞදි අරාබිය යේමනය ඇතුළුව මැදපෙරදිග පුරා ගැටුම් කලාප කිහිපයක ප්‍රතිවාදී පාර්ශ්වයන්ට සහය දක්වන අතර එහිදී ටෙහෙරානයේ සහය හූති කැරලිකරුවන්ට ලැබෙන අතර රියාද් රජයට සහාය දක්වන හමුදා සභාගයකට නායකත්වය ලබා දෙයි.

මේ අනුව ඉරානය හා සෞදි අරාබියාව අතර සහයෝගී ගනුදෙනුව කලාපයේ වඩා හොඳ ආරක්‍ෂක තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇත.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි, සෞදි ජාතික ආරක්ෂක උපදේශක මුසාද් බින් මොහොමඩ් අල්-අයිබාන් සහ චීනයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයා වන වැන්ග් යී සමඟ සිටින ඡායාරූප සහ වීඩියෝ පලකර තිබිණ. සෞදි පුවත්පත් ඒජන්සිය විසින් ඉරානය හා සෞදි අරාබිය අතර ගිවිසුම තහවුරු කළ අතර දෙරට රාජ්‍ය ස්වෛරීභාවයට ගරු කිරීමට සහ එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී සිටීමට එකඟ වී ඇති බව සඳහන් කර තිබිණ.

ඉරාන මාධ්‍ය විසින් විකාශනය කරන ලද දර්ශනවල, චීනයේ වෑන්ග් දෙරටේ “ප්‍රඥාව” සඳහා “මුළු හදවතින්ම සුබ පැතුම්” පිරිනැමූ අතර චීනය මෙම ගිවිසුමට සිය සම්පූර්ණ සහය ලබාදෙනු ඇති බව ප්‍රකාශ කර තිබිණ.

~ සශිකලා මධුෂාණී

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan